හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු හත් දෙනෙකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම සඳහා මාර්තු මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.
මියන්මාරයට යළි සම්බාධක - අමෙරිකානු ජනාධිපති ප්‍රකාශ කරයි
මියන්මාරය එරට හමුදා පාලනය යටතට ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයට යළි සම්බාධක පනවන බවට අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.
රාගම රෝහලේ සේවය කරමින් සිටි 32 හැවිරිදි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වැළඳී මියගොස් ඇති බව වාර්තා වේනවා.
එම වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
වී මිලදී ගැනීමට සහ සහල් අලෙවි කිරීම සඳහා නිශ්චිත මිලක්
ඉදිරි වසර තුනක කාලයක් සඳහා වී මිලදී ගැනීමට සහ සහල් අලෙවි කිරීම සඳහා නිශ්චිත මිලක් නියම කිරීමට ජීවන වියදම් පිළිබඳ ඇමැති මණ්ඩල අනුකාරක සභාව තීරණය කර ඇත.
බඩ ඉරිඟු වගාව සඳහා අක්කර 2,750 ක් දේශීය ආයෝජකයින්ට ලබාදීමට කැබිනට් අනුමැතිය
ඌන භාවිතයේ පවතින අක්කර 2,750 ක් බඩ ඉරිඟු වගාව සඳහා දේශීය ආයෝජකයින්ට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේනවා.
බෙරගල, හපුතලේ , දියතලාව, සංචාරක නගර සංවර්ධන වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ වුණා.
සමාජ විශමාචාර වැළැක්වීමට සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්
සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේනවා.
අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුවට 8500ක් බඳවා ගැනීමට පියවර
අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500ක් බඳවා ගැනීමට පියවර ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තිබේ.