විශ්වවිද්‍යාලවලට භික්ෂූන් බදවා ගැනීම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර කැලණිය විශ්වවිද්‍යාලවල ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 41 ක් ගතවී ඇත.ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයයට බෞද්ධ හා පාලි සරසවි භික්ෂූන්ද එක්වී ඇත.

රුපියල් මිලියන සියයක රේගූ බදු වංචාවක්‌ හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින පුද්ගලික සමාගමකට අයත් තඹ කන්ටේනර් දෙකක්‌ නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් තමාට විරුද්ධව පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව නියෝජ්‍ය ඇමැති සුජිව සේරසිංහ මහතා පවසයි.ඔහු මේ අදහස් පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉදිරි මහා මැතිවරණයේදී ද ජයග්‍රහණය කා සතු වියයුතු දැයි  තීරණය වනු ඇත්තේ තම පක්ෂයේ මතයට අනුව බව  වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලතන් පවසයි. දෙමළ  ජාතික සන්ධානය මෙම තත්ත්වයට ලඟාවුවේ  විවිධ ජයග්‍රහණ සහ බාදක මධ්‍යයේ බවද ඔහු පවසා සිටී.

නේපාලයේ රැඳි සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(28) දහවල් දිවයිනට පැමිණියේය. ඒ, ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානයෙනි. භූ කම්පනයෙන් විපතට පත් නේපාල වැසියන්ට සහන රැගෙන මෙම යානය ඉකුත් ඉරිදා නේපාලය බලා පිටත්ව ගියේය.

මහනුවර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩී.ජේ කුමාරගේ රුහුණු-කතරගම මහදේවාල‍යේ 11 වන බස්නායකවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්වී තිබේ.ඔහු ඉන්ධන පිරවුම්හල් හිමියෙකි.

පසුගිය කාලයේ වාර්තාවූ රහසිගත වධ කඳවුරු පිළිබද තොරතුරු ,අගමැති රනිල් විසින් ප්‍රතික්ෂේප කරද්දී , ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද විසින් ,උතුරේ රැදවියන් පිලිබදව තොරතුරු ඉල්ලයි.

මන්නාරම සහ වවුනියාව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කරන ලෙස දන්වා තිබේ. වවුනියාව හා මන්නාරමේ පොලිස් ස්ථාන හරහා අදාළ මාධ්‍යවේදීන් වෙත දන්වා ඇත්තේ අඟහරුවාදා (28) දිනයේ දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ය. එහෙත් ප්‍රකාශ ලබා දිය යුත්තේ කිනම් හේතුවක් නිසාද යන්න ඔවුන්ට දන්වා නොමැති බව ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය JDS වෙත ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ පසුපස පක්ෂයේ නායක අනුර දිසානායක විසින් ඔත්තුකරුවන් එවා ඇති බව එම පාර්ශ්වය ප්‍රකාශකයෙක් පැවැසීය.

 

ld add copy

Latest News

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව   

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව  

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව...

Connet With Us