මියන්මාරයේ පැවති ශිෂ්‍ය පාගමනකදී අත්අඩංගුවට ගත් ශිෂ්‍යන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය  විසින් නිහඬ උද්ඝෝෂණයක් පවත්වන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප‍්‍රශ්න කරමින් සිටී.

ශෂී වීරවංශට අවිධිමත් ගමන් බලපත‍්‍රයක් සකස් කිරීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ ආධාර අනුබල නොදුන්නා සේ හැසිරෙන බවත් වරදට අනුබල ලබාදීමේ චෝදනාව මත විමල් වීරවංශව අත්අඩංගුවට ගන්නා ලෙස  ඉල්ලාසිටි බවත් කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පැවසුවේය.

නීතියට අනුව ඇයගෙන් කෙරුණේ වරදකි. මේ සිද්ධිය හරා පුරාවස්තු වලට හානිකිරීමේ වරද හා එහි දඬුවම් පිළිබඳ සැලකිය යුතු කතිකාවක් සමාජය තුළ ඇතිවිය. එමෙන් ම පුරාවස්තු ආරක්ෂාව පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානයද යොමු වන්නට ඇතැයි සිතමි.

හෙට ලොව දිනන්නට සැරසෙන තරුණ තරුණියන් වෙනුවෙන් වජිර අබේවර්ධන පදනම සංවිධානය කරන 'මං පෙත' වැඩමුළුව ඊයේ 15 ගාල්ල නගර සභා ක්‍රීඩා මණ්ඩපයේදී පැවැත්වුණි.

මලක් නම් එය සුපුෂ්පිත විය යුතු ය. විලක් නම් එය සියපතින් සුන්දර වූ විලක් ම විය යුතු ය. ඇය මලකි. ඇය විලකි. සමස්ත සමාජයට ම සුවඳ විහිදුවන, මඩ වළක් වුව විලක් කළ හැකි ඇය, දියණියකි. බිරියකි. මවකි. අප ඇය ආරක්ෂා කළ යුතු ය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී අයථා ලෙස උපයා ගත් යැයි සැකකරන ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකු සතු ඩොලර් බිලියන එක් දහස් නවසිය තිස් පහකට ආසන්න මුදලක් මෙතෙක් තැන්පත් කර තිබූ ඩුබායි බැංකුවෙන් හිටි හැටියේම බහමාස් බැංකුවකට මාරු කර ඇති බවට තොරතුරු රජය වෙත වාර්තා වී තිබේ.

ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතා ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම පිළිබඳ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත මත ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම ගැන ජාතික විධායක සභාවේ දී සාකච්ඡා කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (15දා) තහවුරු කළේය.

 

ld add copy

Latest News

ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි.  මෙහෙම වුනේ කොහොමද?

ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි. මෙහෙම වුනේ කොහොමද?

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී මාලිමාව ජයග්‍රහණය කොට තිබුණද එහිදීද...

Connet With Us