ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරනු ලබන ඕනෑම පාර්ශවයකට වෙඩි තැබීමේ අයිතිය ශ්‍රී ලංකා නාවික හමුදාවට පවතින බව ඉන්දීයාවේ එන්ඩීටීවී රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළිත් කියා සිටියේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාලව ගැසට් නිවේදනය ඊයේ(16) රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්ථිර ලෙසම තරග වැදීමට තීරණය කර ඇති බව අද පුවත්පත වාර්තා කරයි.

මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ නිර්නායක හයක්‌ ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

විවිධ සාවද්‍ය හේතු ඉදිරිපත් කරමින් කල් නොදමා අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයතට යා යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඊයේ (16 දා) හදිසියේ රැස්‌වී තීරණය කර ඇත.

ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (17) කරනු ලබන විශේෂ ප්‍රකාශය ජාතික රූපවාහිනිය මගින් සජිවීව විකාශය කෙරේ.

පසුගිය පාලන සමයේදී ඉදිකිරීම් ආරම්භ කළ ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම අත් හි‍ටුවීමට අණ්ඩුවට සිදුව ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. අද(16) කොළඹ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.

මියන්මාරයේ පැවති ශිෂ්‍ය පාගමනකදී අත්අඩංගුවට ගත් ශිෂ්‍යන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය  විසින් නිහඬ උද්ඝෝෂණයක් පවත්වන ලදී.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us