පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන මූල්‍ය වංචා 12ක් පිළිබඳව, මහා පරිමාණ මුල්‍ය වංචා අපරාධ විමර්ශණ කොට්ඨාසයට ලැබි ඇති පැමිණිලි අනුව විමර්ශණ කටයුතු ආරම්භ කළ බව පොලීසියි කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රමුඛ පෙළේ නායකයකු මෙන්ම හිටපු ඇමැතිවරයකු වූ නන්දන ගුණතිලක මහතා එළඹෙන මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට නියමිතය.

උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය උදෙසා වන ආධාර ව්‍යාපෘතිය යටතේ ජපන් රජය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් ලබාදීමට අදාළ ගිවිසුම් වලට අත්සන් තැබීම අද (13) ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිතුමාගේ මූලිකත්වයෙන් ජපන් තානාපති නිල නිවසේදී සිදු කරන ලදී.

මෙරට සියලූ ජනකොටස්වලට සමාන අවස්ථා සැලසෙන දේශපාලන විසඳුමක් සඳහා 13 වන සංශෝධනය මුළුමනින්ම කි‍්‍රයාත්මක කළ යුතු බවත් 13 වන සංශෝධනයෙන් ඔබ්බට ශ‍්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව කොළඹ ජනාධිපති කාර්යාලයේ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේය.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීම සඳහා ගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙන් නෙත් ගුවන් විදුලි නාලිකාවට අදහස් දක්වමින් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසන්නේ ශ්‍රි ලනිපයෙන් අගමැති අපේක්ෂකයකු නම් කිරීමට ගන්නා උත්සාහය එජාපයේ වුවමනාවට සිදුවන බවය.

'යහපාලනය ජනතාව පිළිගන්න වැඩසටහනක්‌. ඊට ජනතාව අනුමැතිය දුන්නා. අපිට බැහැ දින සියය වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකර සිටින්න. අපි විරුද්ධයි දින සියයේ වැඩසටහන ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගන්නවාට. දින සියයේ වැඩසටහන 100% ක්‌ නොවුණොත් එහෙනම් නැවතත් ජනතාවට අපි තීරණයක්‌ ගන්න අවස්‌ථාව දිය යුතුයි ඊළඟට ගන්න ඕන පියවර කුමක්‌ද කියලා.ජනතාව ගනු ලබන ඊළඟ පියවර ගැන මට නම් පැහැදිලියි. ඒ ගැන මට නම් කිසිම භයක්‌ සැකයක්‌ නැහැ කියලා කියන්න කැමතියි.' අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නීති හදන උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව අද පිරී තිබෙන්නේ දාමරිකයින්, කුඩුකාරයින්, එතනෝල් කාරයන්ගෙනුයි බුකී කාරයන්ගෙන් යැයි සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියහ.

අනුරාධපුර ශික්‍ෂණ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අතපත්තු මහතාගේ තොරතුරු අනුව 2013 අනුරාධපුර වකුගඩු රෝහලේ මරණ සංඛ්‍යාව 289 කි. 2014 දී මරණ 232 කි. 2014 වසර තුළ රුධිර කාන්දුකරණයට පත් කළ රෝගීන් ගණන 19391 කි. 2014 දී රෝහල්ගත කළ වකුගඩු රෝගීන් සංඛ්‍යාව 1822 කි. මෙම රෝහල් සංඛ්‍යා අනුව සක්‌ සුදක්‌ සේ පැහැදිලි වන්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කය වකුගඩු රෝගයෙන් ගිලගෙන ඇති බවයි. එසේම සෑම වකුගඩු රෝගියෙක්‌ම කල් පසුවී හෝ මරණයට පත්වීම වැළැක්‌විය නොහැකි බව මේ දත්තවලින් සනාථ වන බව වකුගඩු පර්යේෂක වෛද්‍ය චින්තක විඡේවර්ධන මහතා අවධාරණය කරයි.

 

ld add copy

Latest News

ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි.  මෙහෙම වුනේ කොහොමද?

ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි. මෙහෙම වුනේ කොහොමද?

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී මාලිමාව ජයග්‍රහණය කොට තිබුණද එහිදීද...

Connet With Us