විදෙස් සේවයේ, රාජපක්ෂ ඥාතී හිත්වතුන් ආපසු කැඳවයි
ශ්‍රී ලංකා විදේශ සේවය මුළුමනින්ම සුද්ධ කරමින් රාජපක්ෂ පවුලේ ඥාතීන් හා හිත්වතුන් වූ හිටපු දේශපාලනඥයන් 10 දෙනකු සහ ඔවුන්ගේ ඥතීන් විසිදෙනකු ආපසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
ජුසේවාස් පියතුමා සාන්තුවරයට එසවීමේ දේව මෙහෙය අද
ජුසේවාස් පියතුමා සාන්තුවරයට එසවීමේ ඓතිහාසික දේව මෙහෙය අද (14 දා) පෙරවරු 8.30 ට ගාලු මුවදොර පිටියේදී අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පවත්වනු ලැබේ.
ගාලු මුවදොර පිටියේ ඉදිකර ඇති අති දර්ශනීය වේදිකාවේදී මෙම දේව මෙහෙය පැවැත්වේ.
ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ ජනාධිපති ආරක්‍ෂක අංශය භාරයේ තිබූ රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක් අස්‌ථානගත වී ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම වාහන අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
අතුරු අයවැයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක මිළ අඩු කරනවා - මුදල් ඇමැති
ලබන 29 වැනිදාට අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව සතු බැංකු ගිණුමකින් 2015.01.06 දින රුපියල් 1,456,980,000ක මුදලක් යළි ලබා ගැනීම ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා විගණාකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.