අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන ඇති නමුත් එම පාලනය නැවත පෙරලා දැමීම සඳහා කුමන්ත්‍රණයක් මේ මොහොතේ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ නිවසේ සිදුවෙමින් තිබෙන බව දැන ගැනීමට තිබේ. මේ සඳහා ශ්‍රී ලනීපයේ රාජපක්ෂවාදී කණ්ඩායමක්ද සහභාගී වී ඇත.

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග අද එම අමාත්‍යාංශයේදී වැඩභාරගනු ලැබුවේය.

රූපවාහිනී සංස්ථාවේ සභාපතිධුරයට පත් කළ සෝමරත්න දිසානායක මහතා ඊයේ දිනයේදී වැඩ භාර ගැනීම සඳහා එම සංස්ථා පරිශ්‍රයට ගියද එහිදී ඔහුව පිළිගැනිමට පැමිණ සිටියේ ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙකි. මේ සඳහා අනෙකුත් සේවකයන්ට සහභාගීවන ලෙස දන්වා සිටියද එම සේවකයන් පවසා තිබුණේ "අපිට ලැජ්ජාවක් කියල දෙයක් තිබෙනවා ඒ නිසා ඔය සභාපතිව පිළිගන්න අපිට බැහැ 'යනුවෙනි.

නව රජයේ අතුරු අයවැයක් ලබන 29 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර අැත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් අනතුරුව රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ චෝදනාවලට ලක්වූ දේශපාලඥයන් ගනනාවක් ජනාධිපතිවරයා වෙත සහය දැක්වීමට ඉදිරිපත් වී එම චෝදනාවලින් නිදහස් වීමේ උත්සාහයක් දරමින් සිටින බව ජවිපෙ ප්‍රකාශකයෙක් පැවැසීය.

අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මෙම සතිය තුළ යළිත් රැස්වීමට සැලසුම් කර අැත.

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද සිට ලබන 16 වනදා දක්වා බස්නාහිර පළාතේ පාසල් 56 ක් වසා තැබීමට නියමිතය. පාප් වහන්සේගේ සංචාරය වෙනුවෙන් ආරක්ෂාව සැලසීම සඳහා කටයුතු කරන නිළධාරීන්ට පහසුකම් සැලසීමට එම පාසල් භාවිත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කලේය.

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය යළි එම ධුරයට පත් කරන්නැයි ඉල්ලා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥවරුන් පිරිසක් මේ වන විට විරෝධතාවයක නිරත වසිටියි.

 

ld add copy

Connet With Us