මෙරට පුරාවිද්‍ය දෙපර්තමේන්තුව යටතේ පැවති ඉපැරණි වෙහෙර විහාර වලින් පැහැර ගත් නිදන් හා පුරාවස්තු සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණ ආරම්භ කළයුතු බව එම කේෂේත්‍රෙය් විදවත්හු නව රජයෙන් ඉල්ලා සිටීමට සැරසෙති.

එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ.

නව රජයේ රුපවාහිනී සභාපතිවරයා ලෙස සෝමරත්න දිසානායක පත් කර තිබේ.

නව ජනාධිපති ලේකම් ලෙස පී.බී. අබේකෝන් මහතා අද වැඩ භාරගතේය.

මැතිවරණ කාලයේදී දෙමළ ජනතාවගේ සහයෝගය ඉල්ලා ඡන්ද ලබාගැනීමෙන් පසු, දෙමළ ජනතාව නොසලකා හැරීම බලයට පැමිණෙන රජයන්හි පුරුද්දක්වී ඇති බවත් එය මෙවර ජනාධිපතිවරණය අවසන්වීමත් සමග නව රජයද එය පෙන්වා ඇතැයි යනුවෙන් නව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගනේශන් ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ‍ලේකම් යූ.ඒ.ඩී. බස්නායක මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙසද , ජනාධිපති ලේකම්වරයා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වන අබේකෝන් මහතාද, තාවකාලිකව පත් කිරීමට නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි වාර්තාවේ..

අලුතින් පත්වු ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ අවධානයකින් පසුවන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක් කළේය.

 

ld add copy

Connet With Us