විවිධ ව්‍යාපෘතිවලින් පසුගිය රජය සිදුකළ වංචා හා දුෂණ පිළිබඳ තොරතුරු තමන් වෙත ලබා දෙන්නැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. පිටකෝට්ටේ ප‍්‍රදේශයේ අද (11) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලි චම්පික රණවක මහතා මේ බව කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නම් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරුන්ද අයත් බව අණාවරණය වේ.

මැදමුලන රාජපක්ෂ නිවස හා එම ප්‍රදෙශයන් හී ඇති අනෙකුත් රාජපක්ෂ පවුලේ නිවාස හා ගොඩනැගිලි සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුවී ඇත. ඊට හේතු වී ඇත්තේ විශාල අවි ආයුධ ප්‍රමාණයක් සහිත ගබඩාවක් රාජපක්ෂ පවුල සතුව ඇති බව හෙළි වීමය.

ජනාධිපතිවරණයේ ජය විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවීමත් සමග පළාත් සභා කිහිපයක බලය ඉදිරියේදී පෙරළී යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට ජනතාව විසින් බලයෙන් නෙරපනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලබන 19 වන දින දිවුරුම් දිමේ සූදානමක පසුවේ.

නව ජනාධිපති මෛත්‍රී සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙලට සන්ධානයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහය ලබා ගැනීම සඳහා මේවනවිට දෙපාර්ශවය අතර සාකච්ජා ආරම්භවී ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද අමාත්‍ය ධුර ලබාදීමට තීරණය කර ඇත.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ පළමු විදෙස් චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණෙන ලෙස අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුට ආරාධනා කර ඇතැයි හින්දු පුවත්පත වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

 

ld add copy

Connet With Us