ඉන්දියාවේ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණයට සුබ පැතුම් එක් කර අැත.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙතැයි අපෙක්ෂා කරන වාහන තුනක් පිළිබඳ සොයා බලා බුද්ධි අංශ මෙහෙයුමක් ආරම්භ කර අැත.

ජනාධිපතිවරණයට සති දෙකකට පෙර පෙර ඔහු දිවයිනට පැමිණ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු ඩඩ්ලි රාජපක්ෂ මහතා අද අළුයම හදිසියේ බැංකොක් බලා පිටත්ව ගියේය.

අභිනව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යටතේ වන නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට අද දිනයේදී පත් කිරීමට නියමිතය. ඊට අමාත්‍යවරුන් තිස් දෙනෙකු පමණ ඇතුළත් බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.

ජනාධිපතිවරණය ඉලක්කකරගෙන ස්වාධීන රුපවාහිනිය විකාශය කළ රිතූ නැමැති ටෙනි නාට්‍යය විකාශය කිරීම නතර කිරීමට ස්වාධීන රූපවාහිනී පරිපාලනය තීන්දු කර තිබේ. මෙම ටෙලිනාට්‍ය එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට මඩ ගැසීම ත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස පාලන තන්ත්‍රය විවේචනය කිරීඑම සඳහා තැනූ දේශපාලන ප්‍රචාරක කටයුත්තක් විය.

සාර්ථක සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබදව ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා තම ප‍්‍රසාදය පළ කර සිටී.

ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන වූ පොරොන්දුවත් දූෂණයෙන් වංචාවෙන් තොර පරිපාලන ව්‍යුහයක් ගැන වූ පොරොන්දුවත් නිසා මෛත්‍රීපාලනයක් සම්බන්ධයෙන් සුභවාදී බලාපොරොත්තු ගොඩනඟා ගත්තද එම බලාපොරොත්තු පළමු පැයේදීම බීද වැටෙන ලකුණු පහළව තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහි‍ටුවන නව ආණ්ඩුව සඳහා තමන්ට ආරාධනාවක් ලැබී නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

 

ld add copy

Connet With Us