දැනට තිබෙන නීතිමය ප්‍රතිපාදන තවත් ශක්‌තිමත් කරගෙන මිස කෝපය සහ වෛරය පදනම් කරගනිමින් ආණ්‌ඩුවේ දූෂිතයන්ට, වංචාකරුවන්ට දඬුවම් නොකළ යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09 දා) ප්‍රකාශ කළේය.

තමන් පරාජය වූයේ ප්‍රතිවාදී අපෙක්ෂකයාට උතුරු නැගෙනහිර සුළුජතීන් විසින් ලබාදුන් ඡන්ද නිසා බව කියමින් තව දුරටත් සිංහල බෞද්ධ වර්ගවාදය සැනසීමට තරම් පහත් තත්වයකට මහින්ද රාජපක්ෂ ඇද වැටී ඇති අයුරු ඔහු ඊයේ මැද මුලනේදී ප්‍රදේශවාසීන් අමතා කල කතාවෙන් පැහැදිලිය.

ITN සභාපති රට හැර යයි

Published in පුවත්
Friday, 09 January 2015 20:54

ස්වාධීන රූපවාහිනියේ සභාපති අනුර සිරිවර්ධන මහතා අද (09) හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් සිංගප්පුරුව බලා පිටත්ව ගියේය.

තමා නැවතත් ජනපතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බවත්, දින 100 ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ඉටුකරමින් ජනතාව බලාපොරොත්තු වූ පරිවර්තනය සිදුකරන බව අභිනව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පැවැසිය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ස්වල්ප මොහොතකට ‍පෙර දිවුරුම් දෙන ලදී.

 

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඩිලාන් අස්වෙයි

Published in පුවත්
Friday, 09 January 2015 16:12

තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අද උදැසන   ගොඨාභර රාජපක්ෂගේ නිවසට කැඳවා ඇති බොදු බල සෙනා ත්‍රස්ත සංවිධානයේ  ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර ට හා එහි විධායක නිළධාරී ඩිලන්ත විතානගේට ගොඨාභය  විසින් ඉතා පරුෂ වචනයෙන් බැන වැදී ඇත. 

 

ld add copy

Connet With Us