එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අග‍්‍රාමාත්‍ය ධූරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ‍්‍රී ඥානවිමල මහනාහිමියන් ඊයේ පස්වරුවේ අපවත්වුණි.උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉමහත් සේවාවක් ඉටු කළ හිමි නමකි.

අලි ඇතුන් සහ ‘රයිනෝ’ දැවැන්තයන් මුහුණ දී ඇති ජීවිත අන්තරාය ඉස්මතු කරමින් ලෝකය දැනුවත් කිරීමේ මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ලොව පුරා දියත් කිරීමේ වැඩ පිළිවෙළක් ප්‍රකාශයට පත් කොට ඇත.

බොදු බල සේනා සංවිධානයේ විවෘත ආරාධනයට ඇතුළත් කරුණු පිළිබඳව ප්‍රතිචාරය පළ කිරීමට බලාපොරොත්තු වෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

ආණ්‌ඩුව විසින් ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කොට ඇති ජනාධිපතිවරණය මාර්තු මාසය දක්‌වා කල් දමන්නැයි ප්‍රබල ඇමැතිවරුන් ගණනාවක්‌ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට යන බව ආණ්‌ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම පක්‍ෂය පොදු අපේක්‍ෂකයකුට සහාය දීම හෝ පක්‍ෂයෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම සිදු නොවනු ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කළේය.

පෙර විවාහයේ දියණියන් දෙදෙනා ඇතුළු දියණියන් තිදෙනාට ලිංගික අතවර කිරීම ගැනත්, තර්ජනය කොට බියවද්දා තමා ද බලහත්කාරයෙන් වෙනත් පිරිමින්ට අලෙවි කිරීම ගැනත් එම කටයුතු සී.ඩී.පටවලට ඇතුළත් කොට අලෙවි කිරීම ගැනත් තම සැමියාට එරෙහිව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියත්” ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයත් චූදිතයා ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බව පවසමින් බිරියක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

මෙරට කිරි පිටි ගෙන්වීම ගිය වසරට සාපේක්ෂිතව මේ වසරේ ටොන් 78,000කින් පමණ අඩුවී ඇතැයි වාර්තා වේ.

 

ld add copy

Connet With Us