පරිත්‍යාගශීලීම රාජ්‍යයන් අතර ශ්රී ලංකාව නව වන තැනට
ලෝකයේ පරිත්‍යාගශීලීම රාජ්‍යයන් අතර ශ‍්‍රී ලංකාවට නව වන ස්ථානය හිමිවී අැත. ඒ ජාත්‍යන්තර ආධාර පදනම නිකුත් කළ නවතම වාර්තාවකට අනුවය. ආගන්තුක සත්කාරය, මුදල් පරිත්‍යාගය, ශ‍්‍රම පරිත්‍යාගය යන කරුණු මුල් කර ගනිමින් මෙම වාර්තාව නිකුත් කර ඇත. ඒ අනුව ලෝකයේ නව වන තැන හිමි කර ගෙන ඇති ශ‍්‍රී ලංකාව ආගන්තුක සත්කාරය අතින් සියයට 56 ක ප‍්‍රතිශතයක් හිමිකර ගනී.
මහින්ද රාජපක්ෂගේ එකාධිපති ආණ්ඩුව පලවා හැරීම සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයක් අවශ්‍ය බවට විශාල ඉල්ලිමක් තිබියදී ඒබව නොතකා එජාපයේ අලියා ලකුණින් තරග කළ යුතු බව කියන අය අංගොඩටවත් සුදුසු නොවන බවත් අංගොඩ ඊට වැඩිය හොඳ සිහි බුද්ධිය ඇති පිරිසක් සිටින බවත් එක්සත් වෘත්තීය සමිති සන්ධානය පවසයි.
අධ්‍යාපනය විකිණිමට එරෙහිව විරෝධතා බැනරයක් අත්සන් තබයි
විශේෂ ග්රන්ථයක් හරහා සියළුම සත්‍ය හෙළි කරනවා -සෝල්හයිම්
නායයාමෙන් විපතට පත්වුවන් වෙනුවෙන් හමුදාව කළ මෙහෙය විශිෂ්ඨයි
කොස්ලන්ද මීරියබැද්ද නායයාමෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා ශ‍්‍රී ලංකා ආරක්ෂක සේවාවන් සිදු කළ කැපවීම අමෙරිකාව විසින් පැසසුමට ලක් කර අැත.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය හා ජන්ම දිනය සමරා වාර්ෂිකව සංවිධානය කරන පාපැදි සවාරියේ පළමු අදියරේ ඇතැම් තරගකරුවන් නිවැරදි ගමන් මාර්ගයෙන් පරිබාහිරව ගමන් කළ හෙයින් එම අදියර අවලංගු කර ඇති බව වාර්තා වේ.
ත්‍රස්තවාදය පැරදවීමයි ඒකාධිපති බලතල පවත්වාගෙන යාමයි එකක් නෙමේ දෙකක් (audio)
ත්‍රස්තවාදය පැරදවීම හා විධායක ඒ්කාධිපති බලතල පවත්වාගෙන යාම යනු එකක් නොව දෙකක් යැයි අතුරළියේ රතන හිමි, "මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා !" යනුවෙන් ඊයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ විරෝධතා පෙළපාලියෙන් අනතුරුව පැවසුවේය.