ක්‍රීඩා සංගම් 52 අතරින් දූෂීතම පරිපාලනය හිටපු පාපන්දු පරිපාලනය බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ආර්ථික අපහසුතා, දෙමාපිය රැකවරණය අහිමිවීම ආදී හේතු සාධක රැසක් නිසා දරුවන් ළමා මෙහෙකාර සේවයට බඳවාගැනීම සහ මෙහෙකාර සේවයේ යෙදෙන බව අග්‍රාමාත්‍ය දි. මූ. ජයරත්න මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා බාරදුන් ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අප කල විමසීමකදී පැවසීය.

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් 50%ක තරම් ප‍්‍රමාණයක්වත් උසස් පෙළ සමතුන් නොවන  බවට සංවාදයක් ඇති වී තිබෙන නිසා මින් ඉදිරියේදී පළාත් පාලන ආයතන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සදහා උපාධිධාරීන්, උගතුන්, බුද්ධිමතුන් හා වෘත්තිකයන් නියෝජනය කිරීෙම් අවශ්‍යතාවක් මතුවී තිබේ.

ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තුළ සාමූහිකත්වය නැතැයි පවසමින් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එජාප මන්ත්‍රී අතුල ජයවර්ධන සහ ජා-ඇල නගර සභාවේ එජාප මන්ත්‍රී දුෂ්මන්ත පෙරේරා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහරදුන් මන්ත්‍රී මැරයා කවුරුන්ද යන්න මේ වනවිට අනාවරණය වෙමින් පවතී.

අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කල මහව ප්‍රාදේශීය සභා මන්ත්‍රී මහින්ද බක්මීවැව මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

 

ld add copy

Connet With Us