ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ වතිකානය බලා පිටත්ව යාමට නියමිතය. අති උතුම් ප‍්‍රැන්සිස් පාප් වහන්සේට ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා නිළ වශයෙන් ආරාධනා කිරීම මෙම සංචාරයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මත්තේගොඩ ඉංජිනේරු යුධ හමුද කඳවුරේ භූගත අවි ගබඩාවක ඇති වු ගින්න නිවීම සඳහා ගිනි නිමන රථ නමයක් පමණ පැමිණ ඇත.

''අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අපි ඇතිවෙනකම් පැමිණිලි ගේනවා. ඒ පිළිබඳ විමර්ශන කරන්නේ නැතිනම් මේ රටේ අල්ලසට, දූෂණයට විරුද්ධ ජනතාව ගෙන්නලා මේ අයතනය වටළලා දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා.''

කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අවුරුදු විස්සක් පමණ නීතීඥ වෘත්තියේ යෙදී සිටි නීතීඥවරයකුට ආපසු නීතී විද්‍යාලයට ගොස් නීතීඥ වෘත්තියේ ආචාර ධර්ම ඉගෙන ගන්නා ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පසුගියදා නියම කළේය.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයන්ට විසඳුමක් ලෙස ‍ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කරමින් පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ නව තනතුරුවලට අයත් වගකීම් සහ කාර්යයන්ගේ ස්වභාවය කුමක්ද යන්න පැහැදිලි කර නොමැති බැවින් එම තනතුරුවල වගකීම් සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුව ඇතැයි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු සඳහන් කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ ඊයේ (01 දා) මහර බන්ධනාගාරය නිරීක්‍ෂණය කිරීම සඳහා ගවේෂණ චාරිකාවක නිරත වූ අතර එම මන්ත්‍රී පිරිස පැය තුනක පමණ කාලයක්‌ එම බන්ධනාගාරයේ අඩුපාඩු සොයා බැලූ අතර ඔවුහු සිරකරුවන්ට ලබාදෙන බත් වේලක රසද බැලූහ.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ මහා කොමසාරිස් ක්‍රිස් නොනිස් මහතාට පහරදුන් බවට චෝදනා එල්ලවී ඇති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව රජය වහා ක්‍රියාමාර්ගයක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමේ උපාය මාර්ගයක නිරත වී සිටින බවට කැෆේ සංවිධානය චෝදනා කරයි.

ජනාධිපතිවරණයට පෙර විපක්ෂ ක්‍රියාකාරීන් නිහඬ කිරීමේ එම සැලැස්මේ කොටසක් වශයෙන් පසුගියදා ප්‍රහාර කිහිපයක්ම එල්ල කර ඇති බව  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (CaFFE) පවසයි.

 

ld add copy

Connet With Us