දැදුරු ඔය විනාශය ආරක්ෂක හමුදාවත් සනාත කරයි. ඒත් ජනපති නිහඬයි

Published in පුවත්
Tuesday, 20 October 2015 12:38

'ජිෆී' කොහු බත් ආශ්‍රිත කර්මාන්තායතනය නිසා දැදුරු ඔය විනාශ වෙමින් පවතින බව '01 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුව' විසින් සිදු කරනු ලැබු පරික්ෂාවකදී සනාත වී තිබේ. දැදුරු ඔය ආශ්‍රිත පරිසර ක්‍රියාකාරකමක් සඳහා පසුගියදා එම ප්‍රදේශයට ගිය විට දැදුරු ඔය විනාශ වී ඇති අයුරු එම නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී ඇත.

ඒ අනුව එම කර්මාන්තායතනයෙන් බටහිර දෙසට කිලෝමීටර 27 ක ප්‍රදේශයක් පරික්ෂාවට ලක් කර තිබේ . සැප්තැම්බර් 22,23 හා 24 දිනයන් හී දී මෙම පරික්ෂාව සිදු කර ඇති අතර එහිදී ජලය අපවිත්‍රවීම ඇල්ගී ශාකවර්ධනය වීම සිදුව ඇති බව තහවුරු කරගෙන තිබෙන අතර එම ජලය නිසා රෝගී භාවයට පත්වූවන් ‍රැසක් ද ඔවුන්ට හමුව තිබේ.

එමෙන්ම දැදුරු ඔය පහළ නිම්නය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එම ප්‍රදේශය ආශ්‍රිත ගොවි ජනතාවට ජලය බෙදා හරින ජල පොම්පාගාරය අසල ජලයද අපවිත්‍ර වී ඇති බව සොයාගෙන ඇත. එම ජලය එදි නෙදා කටයුතු සඳහා යොදා ගත් ජනතාව විවිධ රෝගාබාධයන්ට ගොදුරුව තිබෙන බවද නිරීක්ෂණය වී ඇත.

මේ විනාශය තහවුරු කරන ඡායාරූප හා වීඩියෝ පට ද මේවන විට මෙම හමුදා කණ්ඩය සතුව ඇති බවත් වාර්තාවන අතර මේ වගකිවයුතු පරිසර බලධාරීන්ගේ අවධානය සඳහා යොමු කිරීමට ඔවුන් මේවන විට වාර්තා සකස් කරමින් ඇති බවත් දැන ගැනීමට ඇත.jiffy dinamina 1

කෙසේ නමුත් මෙම දදුරු ඔය විනාශය පරිසර ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වසන් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ හා පරිසර අමාත්‍යංශයේ ඉහළ බලධාරීන් කිහිප දෙනෙකු උත්සහ ගනිමින් සිටින බවත් අප වෙත වාර්තාවේ.

ජිෆී සමාගම මේවන විට මෙම පරිසර නිළධාරීන්ට, කොඹෙයිගනේ පොලීසියට, මාධ්‍යවේදින්ට හා ආණ්ඩුවේ දේශපාලකයන්ට ද විවිධ ආකාරයේ සං‍තෝසම් දී ඇති බවට බරපතල චෝදනා එල වී ඇත.

මේ අතර පසුගියදා තමන් විසින් අවනත කර ගත් මාධ්‍යවේදීන් ලවා ජිෆී කර්මාන්ත ආයතනය සුද්ද කර මාධ්‍ය වාර්තා පළ කිරීමද මේවන විට සිදුවෙමින් තිබේ.

 

ජිෆී ආයතනය කැල්සියම් නයිට්‍රේට් නම් විශ රසායනය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජිතයන් එම කර්මාන්ත ශාලව පරික්ෂා කිරීම සඳහා ගිය නමුත් එම කර්මාන්තායතනය වෙත ඇතු වීමට එහි පාලකයන් ඉඩ ලබා දී තිබුණේ නැත.

එහෙත් මීට පෙර මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරෙන් පිරිසක් විසින් දැදුරු ඔයේ ජලය සම්බන්ධයෙන් කළ විද්‍යාත්මක පරික්ෂාවකදී එම ජලයේ කැල්සියම් නයිට්‍රේට් අඩංගු බවත් සාමාන්‍යයෙන් මිනිස් ශරීරයට අහිත කර නොවන මට්ටමට වඩා දෙසීය ගුණයකින් ඉහල ප්‍රතිශතයකින් කැල්සියම් නයිට්‍රේට අඩංගු බව තහවුරු කර ගන්න ලදී.

සැබැඳි පුවත් : ජනපතිට පොල් කෙන්දක තරම්වත් බලයක් නැති බව 'ජිෆී' පෙන්වා දෙයි 

ජිෆී සල්ලිවලට යටවූ මාධ්‍යවේදින්ට ‍ටුවර් එකක් 

පරිසර අමාත්‍යංශ උපදේශකයෙකුට ජිෆී සමාගමෙන් ලොකු කුට්ටියක් දීලා 

දැදුරු ඔය විනාශ කරන Jiffy සමාගමට ආණ්ඩුව උදව් කරනවා 

ජිෆී, දැදුරු ඔයට කළ විනාශ හොයන්න ගිය පරිසරවේදින් අත්අඩංගුවට ! 

දැදුරු ඔය වැනසූ ජිෆී ලොක්කා, යහපාලනයට අල්ලස් දෙයි 

ජනාධිපතිතුමනි, දැදුරු ඔය වනසන 'ජිෆී'ට රන් සම්මාන දෙන්නේ ඇයි? 

දැදුරු ඔය වනසන ජිෆීට ජනපතිගෙන් රන් සම්මානයක් 

ජනපතිතුමනි, කැළණි ගඟ විතරක් නෙවෙයි දැදුරු ඔයත් විනාශයි

දැදුරු ඔය වනසන ජිෆීට යහපාලනයෙන් තල්ලුවක් 

ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (video)

බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි
දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

 

daduru-oya-jiffy-product

 

daduru-oya-jiffy-product-1

 

Last modified on Tuesday, 20 October 2015 12:49

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us