විදේශ රටවල සේවයේ යෙදෙන අතරතුර නැසී ගිය සහ ආබාධිත වූ ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ පවුල් වෙත වන්දි මුදල් ලබාදීමේ වැඩසටහන අද (28)විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාශයේ පැවැත්වුණි.

මහාමාර්ග අංශයේ දූෂණ විමර්ශන ඒකකයක් පත් කිරීම සදහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්ත මහතා පැවසුවේය. අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.

ඊයේ(27) කුරුනෑගල ප්‍රදේශයේ සම්මන්ත්‍රණයක් ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරේ මට හොදටම විශ්වාසයි ජනාධිපතිවත් අගමැතිවත් රාජපක්ෂ පවුල හොරාකාපු මහජන මුදල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නෙ නෑ කියන කාරණය.

කොළඹ නගර ව්‍යාපෘතිය (Colombo Port City) අධීක්ෂණයට හා වාර්තා කිරීමට ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

20ට තවත් සංශෝධන

Published in පුවත්
Thursday, 28 May 2015 12:43
නව පාර්ලිමේන්තුව තුල හිමිවන ආසන ප්‍රමාණය සම්බන්ධයෙන් සුළු පක්ෂවලින් මතුවූ විරෝධය හේතුවෙන් කැබිනට්  මණ්ඩලයට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී ඇතැයි පැවසේ. 

ජොනීට අැප

Published in පුවත්
Thursday, 28 May 2015 11:35

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (28දා) නියෝග කළේය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් ලෙස අලියා හෝ හංසයා ලකුණින් තරඟ වැදීමට නියමිත බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

මැතිවරණයකදී පෞද්ගලික මාධ්‍යවල ක්‍රියාකලාපය පිළිබඳව සොයා බැලීමට 19 වන සංශෝධනයේ කිසිදු නීති ප්‍රතිපාදනයක්‌ තමන්ට නැතැයි මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.ඊයේ (27) මැතිවරණ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොමසාරිස්වරයා මේ බව පැවසුවේය.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us