ඇෆ්ගනිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට අඩු ආදායම්ලාභී පවුල්වල විවාහ 50ක් එකම දිනයේදී සිදු කිරීමට එරට සුබසාධන ආයතනයක් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මැරෙන දවස හරියටම කියන විස්මිත මෙවලමක් අමෙරිකාවෙන්
යම්කිසි කෙනකු මිය යන දිනය නිශ්චිතවම කියන ගණිතමය මොඩලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ලූනු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.
සිරකර සිටින ලාංකිකයන් බේරා ගන්න ත්රස්තවාදීන් සමග සාකච්ඡා ඇරඹේ
මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනා මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍ය ජාතික Colin Armstrong නමැති 78 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරික ව්‍යාපාරිකයෙක් පැහැර ගත් බවට වාර්තා වූ අතර ඉක්වදෝරයේ පොලිසිය විසින් ඔහු සොයා ගැනීමට සමත්ව ඇත.
උතුරු කොරියාව විසින් අද (18) උදෑසන හැකි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
තම හමුදා නිලධාරීන්ගේ අත්වැරදීමකින් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, එය ඉතාමත් කනගාටුදායක සිදුවීමක් බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීමෙන් මන්ත්රීවරූ 14කට වැඩ වරදී
ඉන්දීය පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ කටයුතු අත්තිටුවීමට ලෝක් සභාව අද තීරණය කර ඇති බව විදෙස් ආරංචිමාර්ග පවසයි.