ඉන්දීය පොලිසිය සිදුකළ මෙහෙයුමකින් මාවෝවාදී සටන්කාමීන් ලෙස සැකකෙරෙන පුද්ගලයන් 12 දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ. නැගෙනහිර ඉන්දියාවේ මාවෝවාදීන්ගේ ක්‍රියා බහුලව සිදුවන ප්‍රදේශයක් වන පාලමු දිස්ත්‍රික්කයේ වනාන්තරය තුල ඇති වූ ගැටුමකින් මෙම ඝාතන සිදුව ඇත.
ඕනෑම අවස්ථාවකදී සිදුවන යුද අපරාධ කඩවීමක් හෝ මානව හිමිකම් කඩවීමක් පිළිබඳව නිවැරදි සත්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවන අයුරින් ස්මාට් දුරකතන යෙඳුමක් (Smart Phone App) නිර්මාණය කිරීමට එංගලන්තයේ ජාත්‍යන්තර නීතිඥ සංගමය කටයුතු කර තිබේ.
තුර්කියේ පාලක පක්ෂය වන ඒ කේ පක්ෂයට වසර 13කට පසු පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිිමි වී තිබේ.
චීනයේ යැංග්සේ ගංගාවේ පසුගිය සඳුදා ගිලී ගිය නෞකාවේ සිටි පුද්ගලයන්ගෙන් 396 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.
දකුණු චීනයේ යැන්සි ගංගාවේ දී 450කට අධික පිරිසක් රැගත් නෞකාවක් අනතුරට පත්ව තිබේ.
සෞදි අරාබියේ අද සිදුවූ කාර් බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. දමාම් නගරයේ පල්ලියක දේව මෙහෙයක් අතරතුර මෙම පිපිරීම සිදුව තිබේ .
වර්තමානයේ උද්ගතව ඇති සංක්‍රමණික අර්බුදය පිළිබද සාකච්ඡා කිරීම සදහා අග්නිදිග ආසියානු රටවල ඉහළ පෙළේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.
ඉන්දියාව පුරා පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් පන්සීයකට අධික පිරිසක් මරුමුවට පත් වී ඇති බව වාර්තා වෙයි.