නිකරගුවාවේ දහස් ගණන් ජනතාව අත්ලාන්තික් සහ පැසිෆික් සාගරය සම්බන්ධ කරමින් එරට ඉදිකිරීමට නියමිත ඇළකට එරෙහිව උද්ඝෝෂණයක නිරත වී තිබේ.
ජෝර්ජියාවට ගංවතුර: සත්වෝද්‍යානයෙන් පලාගිය සතුන්ගෙන් ප්‍රවේසම් වෙන්නැයි අනතුරු ඇඟවීම්
ජෝර්ජියාවේ අගනගරය වන ටිබිලිසි නගරයට බලපෑ ගංවතුර හේතුවෙන් පුදගලයන් අට දෙනෙකු මියගොස් ඇති අතර එරට සත්වෝද්‍යානයේ සතුන් පැනයාම හේතුවෙන් නගර වැසියන්ට නිවාස තුලටම වී සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇත.
සුඩාන් ජනපති අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අධිකරණයෙන් ඉල්ලීමක්
අන්තර්ජාතික අපරාධ අධිකරණය සුඩාන ජනාධිපති ඔමර් අල් බසීර් අත්අඩංගුවට ගන්නා ලෙස දකුණු අප්‍රිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. සුඩාන ජනාධිපතිවරයා මේ වනවිට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අප්‍රිකානු ඒකාබද්ධ සමුළුවට සහභාගි වීම සඳහා ජොහැන්නස්බර්ග් නුවරට පැමිණ ඇති බව සඳහන් වේ.
ස්වීඩන් රජ කුමරු නිරූපිකාවක් සමඟ විවාහ වීමට සැරසෙයි
ස්විඩන් රජ පවුලේ කාල් පිලිප් කුමරු හිටපු නිරූපිකාවක් සමඟ විවාහ වීමට සූදානම් වේ. 30 වන වියේ පසුවන සොෆියා හෙල්ක්විස්ට් නිරූපිකාවක් සේම රියැලිටි තරුවක්ද වේ.
ඇමරිකාවේ සේවක කළමනාකරණ ආයතනට දෙවැනි වතාවටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ. පසුගිය සතියේ ඇමරිකාවේ රජයේ නිලධාරීන්ගේ දත්ත වෙත හොරෙන් ඇතුළු වී ඇතැයි වාර්තා විය.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුමන් සමාගමට අයත් මඟී ගුවන් යානයක් අද (12)පෙරවරුවේ හදිසියේ ගොඩ බස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භටයන් සිය මෙහෙයුම් සිදු කරන රටවල අසරණභාවයට පත්ව සිටින කාන්තාවන් සමඟ ලිංගික සේවනයේ යෙදෙන බවට එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සඳහන් කරයි.
මේ වනවිට දකුණු කොරියාවේ මාර්ස් රෝග ව්‍යාප්තිය හේතුවෙන් බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බව වාර්තා වේ. මාර්ස් වෛරසයෙන් මියගිය රෝගීන්ගේ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් ඇති අතර විශාල පිරිසකට රෝගය වැළඳී ඇතැයි සැක කෙරේ.