ගාල්ල දිස්ත්‍රික්කයේ මූලික සහ ශික්ෂණ රෝහල් හැර සෙසු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල සේවකයින් අද(28) සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් ඔහුව යුධ අපරාධ චෝදනා සදහා යුධ අධිකරණයට ගෙන යන බවට ගෝලීය දෙමළ සන්සදය කළ ප්‍රකාශය ජනාධිපතිවරයාට වාසිදායක එකක් බවත්, එය වර්තමාන පාලනය පවත්වා ගැනීමට ඔවුන් වුවමනා වෙන්ම කල ප්‍රකාශයක් විය හැකි බවත් දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා බලධාරින් බාරයේ පවතින ඉන්දීය ධිවර යාත්‍රා කඩිනමින් නිදහස් කරගැනීමට හැකිවනු ඇති බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි පවසයි.
ඒකාධිපති පාලනය පරදා සියලු පවුල් ආරක්ෂා කරන ක්‍රමයකට එක් වෙමු(audio)
රටේ භාරකරුවා යැයි පවසමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාධිපති පාලනයක් ගෙන යන බවත් ඒ උදෙසා යුධ ජයග්‍රහණය පවා යොදා ගනිමින් තම පාලනය දිග්ගස්සා ගත් බව අද(27)පැවති මාධ්‍ය හමුවක් අමතමින් මංගල සමරවීර මහතා සදහන් කළේය.
නාම යෝජනා කැදවීමෙන් පසුව සිව්වන වෙඩිල්ලත් පත්තුවේ.
මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් ගේ මාවිල්මඩ පිහිටි කාර්යාලයට නොවැ. 25 දින අලුයම වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට ඇත. ප්‍රහාරයෙන් කාර්යාලයේ ජනෙල් සහ බිත්ති වලට අලාභ සිදු ව ඇත.
පැරණි මැතිවරණ ක්‍රමය යටතේ තෝරාපත් කරගත් පළාත් පාලන ආයතන වල අය වැය යළි පැරණි ක්‍රමයට සම්මතකර ගැනීම සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය පවසයි.