අභියාචනාධිකරණ නීතිඥවරුන් පත් කිරිම සම්බන්ධව ශ්‍රි ලංකා නීතිඥ සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

 

ඌව පළාත් සභා මන්ත‍්‍රීවරු 16 දෙනෙක් පෙරේදා (20) පැවති ඡන්දයෙන් පරාජයට පත්ව ඇත.

පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ පක්ෂයේ ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව ලැබූ වැඩිම මනාප ප්‍රතිශතය මෙවර ඌව පළාත් සභාව වෙනුවෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා වාර්තා කර ඇත.

බදුල්ල දිස්ත්‍රීක්කයේ මනාප ප්‍රතිඵලවලින් එක්සත් ජාතික පක්ෂයෙන් හරින් ප්‍රනාන්දු මහතා මනාප 173,993ක් ලබා පළමු තැනද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අනුර විදානගමගේ මනාප 59,316ක් ලබා පළමු තැනද, ජනතා විමුක්ති පෙරමුණෙන් සමන්ත විද්‍යාරත්න මනාප 14,161 ලබා පළමු තැනද ලබාගෙන තිබේ.

ඌව පළාත් සභා මැතිවරණයේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ මනාප ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.

භීතිය හා දූෂණය වපුරවමින් සිටින වත්මන් පාලනය සහතිකවම, තම අවසානය කරා ළඟා වෙමින් සිටින බවත්, ගෙදර යෑම සඳහා පැදුරු අකුලා ගනිමින් සූදානම් වන ලෙසට, ජනතාව රාජපක්‍ෂ රෙජීමයට පණිවිඩයක් ලබාදී තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

සරත් ෆොන්සේකා මහතා මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ කොලොන්නාව ආසනයේ සංවිධායකවරයා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා සූදානම් වන බව 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කරයි.

ඌව පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349906 ලබාගෙන මන්ත්‍රී ධුර 19ක්  (බෝනස් මන්ත්‍රී ධුර දෙකද ඇතුළුව) ලබා ගෙන තිබේ.
 
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274773ක් ලබාගෙන මන්ත්‍රී ධුර 13ක් ද, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ධුර දෙකක් දිනා ගත්තේය.

 

ld add copy

Connet With Us