වසරේ මුල් මාස 8 තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 1229 ආදායමක් උපයා තිබෙන බව වාර්තා වේ. 

ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (11) රාත්‍රියේ හටගත් ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

රට බෙදන , බුදු සසුන වනසන, රණවිරුවන් පාවාදෙන, වර්ග වාදයට උඩගෙඩි දෙන, විදෙස් බලවේගයන්ට රට පොරපිටියක් කරන, ජනාධිපතිවරණයේ ව්‍යාජ රංගනය අභිමුව රට හමුවේ ඇති සැබෑ අභියෝග යන මැයෙන් දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ සංවිධානයකර තිබුණු මහජන සම්මන්ත්‍රණයේදී නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් ජාතික ජන බලවේගය බෞද්ධාගම සම්බන්ධයෙන් දරණ අදහස් ගැන සිය මතය උදාහරණ දක්වමින් පවසමින් සිටියදී සංවිධානාත්මකව එහහි පැමිණ සිටි පිරිසක් කළහාකාරී ලෙස හැසිරී ගැටුමක් ඇතිකරගෙන තිබේ.

ජනාධිපති රනිල් ජාජබයේ අනුර කුමාරට පිළිතුරු දෙන්නැයි ප්‍ර් 2ක පසුගියදා ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව අනුර කුමාර ඊට පිළිතුරු නොදී ජනාධිපති රනිල්ට විවාදයක් සඳහා පැමිණෙන්නැයි අභියෝග කළේය. ඉන් පසුන විවාද අභියෝගය බාරගන්නා බව ජනපති රනිල් ප්‍රකාශ කළ නමුත් ඊට පෙර තමන්ගේ ප්‍රශ්න දෙකට පිළිතුරු ප්‍රකාශ කරන ලෙස දන්වා තිබිණි.

රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසයි.

දීර්ඝ සතිඅන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවහන බලධාරීන් කටයුතු යොදා තිබේ.

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ.

 

ld add copy

Latest News

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

නව ජනපති අනුර අද සිට කරන්න යන දේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධ...

Connet With Us