මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය යටතේ පෑලියගොඩ ප්‍රදේශයේ විශාලතම නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන්.
එළඹෙන සතියේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා ගුවන් ගමන් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටිනවා.
2020 ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිය නිර්දේශ වී නොමැති පුද්ගලයින්ට මේ මස 19 වනදාට පෙර විමසීම් සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි ! අනුර කියයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා රජය විසින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාව අමතමිනි. මෙවන් මොහොතක විදෙස්ගත පුරවැසියන් රැකබලා ගැනීම රජයේ යුතුකමක් බව මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.
ජනපතිගේ මීළඟ මෙහෙයුම රේගුව.! අති විශිෂ්ටයි සර් !!
ජනාධිපති ගෝඨබය රාජපක්ෂ විසින් රාජ්‍ය ආයතනයන් හී වංචා දූෂණ අකාර්යක්ෂමතා මැඩලීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයාගේ මීළඟ මෙහෙයුම බවට පත්ව ඇත්තේ රේගු දෙපාර්තමේන්තුව සුද්ද බුද්ද කර එහි සේවය උපරීමයෙන් රටට ජනතාවට ලබාදීම බව වාර්ථා වේ.
ජාතික ගෑස් සමාගමක් පිහිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ. මෙම සමාගම හරහා ස්වාභාවික ගෑස් පිලිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ වේ. ජාතික ගෑස් ප්‍රතිපත්තිය බලශක්ති අමාත්‍යංශය විසින් සකස් කරනු ඇත.
ගෑස් කර්මාන්තය පිළිබඳ සියලු කටයුතු මෙම ගෑස් සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජාතික ගෑස් සමාගමේ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම රජය විසින් දරනු ඇත.
2030 වන විට බලශක්තිය පාවිච්චියට ගන්නා සියලු අංශවල අවශ්‍යතාවයෙන් අවම වශයෙන් 30%ක් ස්වාභාවික ගෑස් මත යැපෙන වටපිටාවක් සැකසීම එම සමාගමේ සහ ජාතික ගෑස් ප්‍රතිපත්තියේ ඉලක්කය වේ.
රත්නපුර මහ රෝහලේ කොරෝනා අසාදිතයින් වාර්තාවීමත් සමග රෝහලේ වාට්ටු 3 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.
පවතින කොරෝන අර්බුදය මර්දනය කිරීම සදහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග යම් මට්ටමකට සාර්ථකව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත රාසියා පෙන්සර් ප්‍රකාශ කර තිබෙනවා.