ජවිපෙ අපේක්ෂාව ගෝඨාභයයි ! අනුර මහන්සි වෙන්නෙ ඒකටය..
ජවිපෙ දේශපාලන වුවමනාව ගෝඨාබය බලයට පත්වීමය. ඒ ඉතා පැහැදිලි කරුණක් බවට ජවිපෙ විසින්ම පෙන්වා දෙමින් තිබේ. ජවිපෙ එහෙම කරන්නෙ සිය දේශපාලන පැවැත්ම වෙනුවෙනි.. ජවිපෙ වැනි සංවිධානවල පැවැත්ම තිබෙන්නෙ බලවත් සතුරෙකු අභිමුඛ වන විට පමණි.
ඇල්පිටියේ ජයග්රහණයේ අවාසිය නන්දසේනටය. පරාජයේ වාසිය සජිත්ටය
ඇල්පිටියේ ඡන්දය ඉල්ලුවේ ගෝඨාභය , මහින්ද, රනිල්, සජිත්, අනුර හෝ මෛත්‍රී නොවේ. ඒ ගම්වල මිනිස්සුන්මය.. රාජපක්ෂගේ නමින් පොල්ලෙල්ලක් දැම්මත් ඡන්දෙ දෙන මිනිස්සු කොහොමත් ඡන්දය පොහොට්‍ටුවට දැම්මේය.. ගමේ නියෝජිතයා මොකාද කියන එක ඔවුන්ට වැදගත් නැත.. ජවිපෙ සාමාජිකයාද එසේය.
ගොට්ටන් සිතා සිටින්නේ සිරිසේන දැන් වුන්ට සහය වුණා කියාය. නැත නැත. ඒක එහෙම නෙවෙයි .
ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහය දැක්වීමට තීරණය කිරීමත් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනීපයට නායකයකු නොමැති වීමත් යන කරුණු මුල් කරගෙන යළිත් ශ්‍රීලනිපයේ නායකත්වය මහින්ද රාජපක්ෂ වෙත ලබා දීමට ශ්‍රීලනීපයේ ජේෂ්ඨයන් කටයුතු කරමින් සිටී.
ජනාධිපතිවරණයේදී මෛත්‍රී නිර්පාක්ෂිකයි, වැඩ ආවරණයට රෝහණ ලක්ෂ්මන්!
මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ. ඒ අනුව එම කාලය තුළ එනම්, නොවැම්බර් 18 දා දක්වා ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර තිබේ.
ජනතාව අතරට යන්න බය, කඩදාසි වීරයා, තරුණ ඡන්දත් තොග පිටින් කඩාගනී
නූතන ශිෂ්ඨ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතය හුරු නැති අයෙක් ලෙස නන්දසේන ගෝඨබය සිය නාමය දැන් තරුණ ප්‍රජාව අතර සලකුණු කර හමාරය. පසුගිය දින කිහිපයේදී මේ විපර්යාසය සිදුවිය.
නඩු තීන්දුවෙන් කිව්වේ යළි රාජපක්ෂවරු පරාජය කළ යුතුම බවය !
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව වූයේ එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමය. ඒ අනුව නන්දසේන රාජපක්ෂට මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කිරීම නිත්‍යානු කූලය.
යළිත් බෝම්බ ප්රහාර වැලක් ගැන තොරතුරු. ගෝඨව ගේන්න අමරිකාවේ වැඩක් දැයි සැකයක්
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනු ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් ආරම්බ කර ඇති බව දැනගැනීමට තිබේ. මේ සම්බන්ධ තොරතුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ආරක්ෂක අංශ වෙත දැනුම් දීමක් සිදු කිරීමෙන් පසුව මෙම විමර්ශන කටයුතු අරම්බ වී ඇත.