මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නොපමාව සම්මත කරගත යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජූනි 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නුවරඑළිය, රාගල ප‍්‍රදේශයේ සිදු වූ මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.
මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරු පැදි ලබා දීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අනුමැතිය ඊයේ(26) හිමි විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ භාර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ ලබන මස 01 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇතැයි ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මහ බැංකුවේ සහ ලංකා බැංකුවේ නිලධාරීන්ගෙන් ලබන 29 වැනි සිකුරාදා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.
කොළඹ හා ප්‍රධාන නගර පිරිසිදු කිරීමේ සේවය සඳහා සිවිල් ආරක්ෂක බලකාය නැවත වරක් කැඳවීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ ද සහය ඊට හිමිවන බව වාර්තාවේ.