හිටපු අගවිනුසුරු ශිරාණි බණ්ඩාරනයක මහත්මියට  ජාතික සංවර්ධන බැංකුවේ (NDB)කිසිඳු  බැංකු ගිණුමක් නැති බැවින් ඇය සියලු චෝදනාවන්ගෙන් නිදහස් කරන  ලෙස අල්ලස් හා දුෂණ කොමිසමෙන් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි ලෙස මහතා ඉල්ලා සිටියි.

අත්අඩංගුවට ගත් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් ඉසුරු ශාන්තකුමාර මහතා නියෝග කළේය.

සිංහල බෞද්ධ ශුද්ධ අයිතියක්‌ ඇති දේශපාලන පක්‍ෂයක්‌ බිහිකරන බවත් එහිදී දේශපාලන පක්‍ෂ නායකයකු වී නුදුරේදීම ඉදිරියට පැමිණ ඉදිරි මැතිවරණයේදී එම දේශපාලන පක්‍ෂයෙන් තරග කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර අවධාරණය කරයි.

මහා පරිමාණ හොරු සහ වංචාකාරයන් කොතරම් විරෝධය දැක්‌වුවත් පසුගිය කාලයේ සිදුකළ දරුණු ගණයේ මූල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ආකාරයේ මූල්‍ය වංචා විමර්ශන කාර්යාංශයක්‌ මෙම වසර තුළ මෙරට ස්‌ථාපිත කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව සිදු කළ පරීක්ෂණ මඟින් චෝදනා ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවැසීය.

විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආලෝකමත් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඡන්ද 225කින් 212ක් ලබා ගැනීමෙන් ඊයේ (28) සම්මත විය. මෙය මුළුමහත් ශ්‍රී ලංකාවේ සියලු ජන කොටසක් ම ලද සැබෑ නිදහසක් බව සඳහන් කළ හැකි අතර ලෝකයේ රාජ්‍යයක බලයේ සිටින නායකයෙක් සිදුකළ ඉහළම පරිත්‍යාගය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කරන ලද පරිත්‍යාගය ලක් ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ඇරයුමක් මත ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා මැයි මස 02 සිට 03 වැනිදා දක්වා නිල සංචාරක් සදහා ශ‍්‍රී ලංකාවට පැමැණීමට නියමිතය.

මහජන බැංකුවේ 2014 වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත අද (28) පිළිගැන්වීය. ඒ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසිනි.

 

ld add copy

Latest News

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව   

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව  

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව...

Connet With Us