19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත සම්මත කෙරෙන තුරු සිදුකෙරෙන අඛණ්‌ඩ සත්‍යග්‍රහය සදහා වන පාගමන මේ වන විට පාර්ලිමේන්තු වට රවුමේ පොළිස් මාර්ග බාධකය ඉවත්කරමින් ඉදිරියට ගමන්කරමින් සිටී.

ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද(27) පෙරවරුවේ ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇත.

රුපියල් මිලියන සියයක රේගූ බදු වංචාවක්‌ හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින පුද්ගලික සමාගමකට අයත් තඹ කන්ටේනර් දෙකක්‌ නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් නියෝජ්‍ය ඇමැති සුජිව සේනාසිංහ විසින් ශ්‍රීලංකා රේගුව වෙත බලපෑම් කර මාධ්‍ය වාර්තා පලවී ඇත. එහෙත් රේගුව එම බලපෑම් නොසලකා හැර අදාල පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවද වර්තාවේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡවක් ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වීමට දෙපාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තාවේ. පසුගිය 25 වන දිනද මෙලෙස සාකච්ඡාවක් සඳහා මහින්ද රාජපක්ෂට ආරාධනා කළ ද ඔහුට අධික වැඩ ඇතැයි කියමින් ඒ මඟ හැරියේය.

දහ නව වැනි සංශෝධනය පිළිබඳ විවාදය අද (27) සහ හෙට (28) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

අද රටේ විදේශ ඇමැතිවරයාවූවට වඩා මංගල කෙරෙහි අපගේ ගෞරවයක් එදා සිටම තිබිණි. ඒ ප්‍රතිපත්තිගරුක දේශපාලකයකු ලෙස ඔබ මේ දේශපාලන බිමේ තවමත් ‍රැඳී සිටීමය. ඔබ ප්‍රාජතන්ත්‍රවාදියකු ලෙස අචලව නොබියව පෙනී සිටීමත් ඒ වෙනුවෙන් සටන් කිරීමත් නිසා මේ බිමෙන් ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පලවා හැරීමට හැකි විය. ඒ සටනේ ප්‍රධාන සෙන්පතියා වූයේ මංගල ඔබය. ඒ ගැන කිසිවකුට වාද කළ නොහැක.

රාජපක්ෂවරුන් වෙතින් ජීවිත තර්ජනයට මුහුණ පා සිටියදී ජිවිත ආරක්ෂාව සඳහා නේපාලයට පලාගොස් එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන සිටි ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ජීවිත නේපාලයේ වූ භූ කම්පනය හේතුවෙන් අනතුරට ලක්ව ඇත.

නේපාලයේ ඇතිවී තිබෙන භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට වෛද්‍යධාර ‍රැගෙන ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා ගුවන් හමුදවේ වෛද්‍ය වරු පිරිසක් අද(26) උදෑසන ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් නීපාලයේ කත්මන්ඩු නුවර බලා පිටත් විය .

 

ld add copy

Latest News

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව   

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව  

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව...

Connet With Us