අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය. උදෑසන 7.40ට පමණ අග‍්‍රාමාත්‍යවරයා රැගත් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 165 දරන යානයෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ කොචින් බලා පිටත්ව ගියේය.

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා වන විශේෂ සර්ව පාක්ෂික රැස්වීමක් හෙට (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

ජනතා විමුක්‌ති පෙරමුණ සමග නැවත එක්‌වීමේ කිසිදු අදහසක්‌ නොමැති බව එම පක්‍ෂයෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 58ක ජනතාව සමග ‘රටට පණ දෙන මැයි දිනය’ නමින් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ද මැයි දිනය සැමරීමට සූදානමින් සිටී.

දින 100 වැඩ පිළිවෙළ මගින් මෙතෙක් ජනතාවට හිමි කර දී ඇති සහන පිළිබඳ සතුටට පත් වන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ පිළිබඳ මහත් උනන්දුවකින් බලා සිටින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියා සිටියේය.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ විසින් එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයාට අද(17) භාරදෙනු ලැබුවේය.

නියම අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහාත් රටේ වැඩිවන අපරාධ මැඬලීමට සහ ඩී.එන්.ඒ. රටා දත්ත බැංකුවක් ආරම්භ කිරීමට ජින්ටෙක් ආයතනය පියවර ගෙන ඇතැයි එහි විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා පැවසීය.

 ජනාධිපති කාර්යාලයේ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් මුළා කර රුපියල් හත්ලක්‍ෂ අසූහත්දහස්‌ පන්සියයක මුදලක්‌ වංචා කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා වූ අෂ්රොෆ් අලි නැමැති අයකු මෙම 30 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us