මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රංජිත් පේ‍්‍රමසිරි මහතාගේ ගුවන් ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රෝගාතුරුව සිටි සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් හදිසියේම අද (08) අලූයම අපවත් වී තිබේ.

පාසල් සිසුන් සඳහා "ටැබ්" පරිගණක ලබාදෙන බවත් එහි ප්‍රථම පියවර වශයෙන් "ටැබ්" 1000 ක්‌ තමා ඉගෙනුම ලැබූ කොළඹ රාජකීය පාසල වෙත ලබාදෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම විද්‍යාලයේදී ඊයේ 7 වැනිදා පැවැසීය.

තුනෙන් දෙකක බලය සහිත පසුගිය ආණ්‌ඩුවට අවුරුදු දහයක්‌ තුළ කළ නොහැකි දේ වර්තමාන ආණ්‌ඩුව දින අසූ අටක්‌ තුළ ඉටුකර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරයට මුදල් නොමැති බවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම ඇතුළු කරුණු රැසක් අනාවරණය කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (06) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

බිලියන 400 භාණ්ඩාගාර බැඳුම්කර විකිණිම සඳහා ආණ්ඩුව ගෙන ආ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52 ක් ලැබිණ. විශාල මන්ත්‍රීන් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවේ නොසිටි අතර මුදල් ඇමැතිවරයා පවා යෝජනාවට පක්ෂව ඡන්දය දීම සඳහා සභාවේ සිටියේ නැත.

පසුගිය සුනාමි ව්‍යවසනයෙන් උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවාස සපයා දීමට යැයි අඟවමින්, ‘රාධා' නැමැති ආයතනයක් හරහා මුදල් වංචා කළ බවට පවතින චෝදනාව හේතුවෙන් ටිරාන් අලස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වේ.

මේ දවස වල ගජරාමෙට අලුත් අවුරුදු සමරන්න ලෑස්ති වෙනවා ඇති. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ඇඳුම් ගන්නවා ඇති. බෑග් ගන්නවා ඇති.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us