විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කර ඉදිරියට ගෙනයන අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන තෙක් මැතිවරණයක් නොපැවැත්විය යුතු බවට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට වැඩ කිරීමටද එකඟතාව පළකර තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති නොහොත් ෂෙහාසා උදයන්ති මහත්මිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ජනමාධය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හා මෙරට ජපන් තනාපති නොබුහි‍තෝ හොබො මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී මෙරට සිනමා කර්මාන්තය නැංවීම සඳහා ජපන් තාක්ෂණික ආධාර ලබා දීමට තානපතිවරයා එකඟවී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිළඟ මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වීමට කැමැති ද නැද්ද යන වග වහා ප්‍රකාශ කළ යුතු බව ශ්‍රීලනිපයේ ජේෂ්ඨයන් පවසති.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය සාධාරණය ඉ‍ටුකිරීම ලබන සතියේ දී ආරම්බවනු ඇතැයි ඔහුගේ දියණිය වන පළාත් සභා මන්ත්‍රිණී

හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය පවසයි.

කොට්‌ඨාශ ක්‍රමය පාදනම් කරගත් මැතිවරණ ක්‍රමයට සුළු පක්‌ෂවල දැඩි විරෝධය පළවී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශක්තිමත් තනි පක්ෂයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව හා අනතුරුව ස්ථාවර ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඉකුත් රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සහ එම පාලනයේ ප්‍රධානින් විසින් අයතා ලෙස උපයා ගන්නා ලද ධනය, විශේෂයෙන් හොංකොං ,මැකාවෝ ,ශිසල්ස් වැනි බදු නොගෙවන බැංකු තුළ මෙම මුදල් තැන්පත්කර ඇති බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය තුළදී තොරතුරු අනාවරණය වු බව ඉන්දිය බලධාරින් ඉන්දිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us