ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන්නකු ලෙස වර්තමානයේ ලෝකයේම අවධානයට පාත්‍රව සිටින සචිත්‍ර සේනානායකගේ පන්දු යෑවීමේ ඉරියව්වේ දශම කිහිපයක වෙනසකින් එහි නීත්‍යානුකූලතාව පිළිබඳව අවදානමක්‌ මතුවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

ඉකුත්දා එංගලන්තය සමග ලෝඩ්ස්‌ හී පැවැති සිව්වැනි එක්‌දින තරගයේදී සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ නීත්‍යානුකූලතාව පිළිබඳව සැක සහිත බව පිටියේ විනිසුරුවන් වූ මොරිස්‌ එරස්‌මස්‌ සහ ඉයන් ගෝල්ඩ් මෙන්ම රූපවාහිනී විනිසුරු ක්‍රිස්‌ ගµdනිද තරග තීරක ජෙෆ් ක්‍රෝට දන්වා තිබේ.

අනතුරුව ඔවුන් ඒ පිළිබඳව අයි.සී.සී.ය ට දැන්වීමෙන් පසුව සචිත්‍ර සේනානායක පසුගියදා කාඩිෆ් හී පිහිටි මෙට්‌ට්‍රොපොලිෂන් විශ්වවිද්‍යාලයේදී විශේෂ පරීක්‍ෂණයකට සහභාගී විය.

අදාළ පරීක්‍ෂණයේදී සචිත්‍ර සේනානායකගේ සජීවී පන්දු යෑවීම සහ එහි වීඩියෝ විවිධ කෝණ ඔස්‌සේ පරීක්‍ෂණයකට ලක්‌කර තිබේ.

වාර්තා වන අන්දමට සචිත්‍ර සේනානායකගේ ඇතැම් පන්දු අංශක 15 කට වඩා දශම කිහිපයක්‌ එහා මෙහා යැමේ අවදානමක්‌ පවතින බවත් එය නිවැරදි කර ගැනීමට සචිත්‍රට වැඩි කාලයක්‌ ගත නොවනු ඇති බවත් මේ සම්බන්ධව තතුදත් විශේෂඥයකු අප කළ විමසීමකදී පැවසීය.

කෙසේ වෙතත් සේනානායකගේ පන්දු යෑවීමේ නීත්‍යානුකූලතාව පිළිබඳව දශම කිහිපයක වෙනස්‌කමක්‌ කළ යුතු බවට අදාළ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වුවහොත් ඒ සඳහා සේනානායකට මාස තුනක කාලයක්‌ අයි.සී.සී. ය විසින් ලබාදේ.

අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරුවන් විසින් ඔහුගේ පන්දු යෑවීමේ නීත්‍යානුකූලතාව ප්‍රකාශ කිරීමෙන් පසු යළිත් ජාත්‍යන්තර පරීක්‍ෂණයකට සහභාගි වී නීත්‍යානුකූලතාව පෙන්වීමට සේනානායකට සිදුවනු ඇත.

කෙසේ වෙතත් සචිත්‍ර කාඩිෆ්හීදි සහභාගි වූ පරීක්‍ෂණයේ වාර්තාව දින 14 ක්‌ ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට සහ අයි.සී.සී.ය ට ලබාදිය යුතුවේ.

ශ්‍රී ලංකාවේ මෙවැනි පරීක්‍ෂණයකට භාජන වූ පළමු ක්‍රීඩකයා වන්නේ මුත්තයියා මුරලිදරන්ය. එහිදී ඔහු නිර්දොaෂි භාවය ඔප්පු කර පෙන්වීය.

ඔස්‌ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් පවා සචිත්‍රගේ පන්දු යෑවීමේ නීත්‍යානුකූලතාවට සහතිකයක්‌ ලබාදී තිබෙන බැවින් සේනානායකට කිසිදු ගැටලුවක්‌ සිදුනොවනු ඇතැයිද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන නිලධාරියෙක්‌ පැවසීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, "වාර්තාවේ මොනව තියෙනවද දන්නෙ නැහැ. වාර්තාව ලැබෙනකම් අපිට සියලු දේ අනුමාන කිරීමක්‌ පමණයි කළ හැක්‌කේ." යනුවෙනි.

මීට පෙර 2012 වසරේදී ශ්‍රී ලංකා 'ඒ'කණ්‌ඩායමේ එංගලන්ත සංචාරයක්‌ අතරතුරදීද සේනානායකගේ පන්දු යෑවීමේ නීත්‍යානුකූලතාව පිළිබඳව එංගලන්ත විනිසුරුවන් අයි.සී.සී. යට පැමිණිලි කළේය. ඒ අවස්‌ථාවේදී සේනානායක බටහිර ඔස්‌ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේදී පරීක්‍ෂණයට සහභාගි වීමෙන් පසුව ඔහුගේ පන්දු යෑවීමේ නීත්‍යානුකූල භාවය සහතික විය.

අයි.සී.සී. නීතියට අනූව දඟ පන්දු යවන්නකුට සිය වැලමිට උපරිම අංශක 15 ක්‌ දක්‌වා නැමිය හැකි වන අතර ඊට වඩා ගියහොත් එය නීති විරෝධි වනු ඇත. ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන්නකු සහ වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේනටද මෙවැනි ප්‍රශ්නයක්‌ මතුවූ අතර එහිදී ඔහු සිය ඉරියව්ව නිවැරදි කරගනිමින් යළිත් සුපුරුදු පන්දු යෑවීමේ නිරත විය.

(දිවයින)

ස්‌කොට්‌ලන්තයේ ග්ලාස්‌ගෝහි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන බැඩ්මින්ටන් කණ්‌ඩායමට, සම්මත තේරීම් පටිපාටියට පරිභාහිරව ක්‍රීඩිකාවක්‌ ඇතුළත්වීම හේතුවෙන් බැඩ්මින්ටන් පරිපාලනය ඉතාම උණුසුම්කාරී තත්ත්වයක්‌ ගෙන තිබේ.

උක්‌ත තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සිව් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු වශයෙන් වූ අට දෙනෙකුගෙන් යුතු කණ්‌ඩායමක්‌ නම් කිරීමේ වගකීම වත්මන් බැඩ්මින්ටන් තේරීම් කමිටුවට පැවැරී තිබී ඇති අතර එහිදී ඔවුන් විසින් ජාතික ඔලිම්පික්‌ කමිටුව වෙත යවන ලද කණ්‌ඩායමට ඇතුළත් නොවූ ක්‍රීඩිකාවක ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලද ලැයිස්‌තුවට එකතු වී සිටීම මෙම උණුසුම්කාරී තත්ත්වය නිර්මානය වී තිබෙන බව සඳහන් වේ.

අචිනි රත්නසිරි, තිලිණි හෙන්දහේවා, උපුලි සමන්තිකා සහ මධුෂිකා ඩිල්රුක්‍ෂි යන ක්‍රීඩිකාවන් ප්‍රියන්ත විඡේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු බැඩ්මින්ටන් තේරීම් කමිටුව විසින් නම් කරන ලද ක්‍රීඩිකාවන් බවට පත්වී තිබෙන අතර එසේ තිබියදී වෙනත් ක්‍රීඩිකාවක්‌ මෙලෙස 'අහසින් පාත් වීම' ක්‍ෂේත්‍රයට විමතිය ගෙනදෙන්නක්‌ වී ඇත.

තේරීම් කමිටුවේ කිසිදු අනුදැනුමකින් තොරව දක්‍ෂතා රහිත ක්‍රීඩිකාවක්‌ මෙආකාරයෙන් ඇතුළත් කළේ කෙසේද යන්න මේ වන විට ක්‍ෂේත්‍රයේ දැඩි මාර්තෘකාවට බඳුන්වී තිබෙන කරුණක්‌ වී තිබෙන අතර ඒ පිළිබඳව තේරීම් කමිටුවේ බලධාරීන්ද දැඩි කලකිරීමකින් පසුවන බවද සඳහන් වේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව වත්මන් බැඩ්මින්ටන් සභාපති සුරාඡ් දන්දෙණිය මහතාගෙන් කරුණු විමසන ලදුව, උක්‌ත කරුණ සම්බන්ධව තමාටද දැන ගැනීමට ලැබුණේ පුවත්පතින් වන බවත් සඳහන් කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දන්දෙණිය මහතා, වත්මන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දක්‍ෂතා වැඩියෙන්ම දක්‌වනු ලබන පිරිස බවට පත්වී ඇත්තේ පිරිමි තරග අංශයෙන් වන බැවින් එම පිරිසට තවත් අයෙකු එක්‌වූයේ නම් තමා පෞද්ගලිකවම සංතෝෂ වන බව සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව බැඩ්මින්ටන් තේරීම් කමිටුව මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටියේ සංචිතයට වැඩිපුර එක්‌ කරන ලද ක්‍රීඩිකාව ජාතික ඔලිම්පික්‌ කමිටුවේ උවමනාවට සිදු කර ඇති බවත් ඒ පිළිබඳව කිසිදු දැනුම් දීමක්‌ තේරීම් කමිටුව වෙත සිදු කළ නොමැති බවයි. එහිදී එම ක්‍රීඩිකාව කණ්‌ඩායමට එක්‌ කිරීමට ජාතික ඔලිම්පික්‌ කමිටුව තීරණය කිරීමෙහි යථාර්ථය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය හෝ තේරීම් කමිටුව නොදන්නා බවත් මෙහි අතුරු ඵලය වන්නේ එම ක්‍රීඩිකාවට ස්‌කොට්‌ලන්තය වෙත සතුටු සවාරියක්‌ යැමේ අවස්‌ථාව පමණක්‌ උදාවන බවද මෙහිදී සඳහන් කර තිබේ.

අදාළ තේරීම් තරගවලදී කේවල අංශය යටතේ මුහුණ දුන් තරග 3 ම ජය ගෙන තිබෙන තිලිණි හෙන්දහේවා කේවල විශේෂඥ ක්‍රීඩිකාව ලෙසද, යුගල තරගවලද දක්‌වන ලද දක්‍ෂතා පදනම්ව අචිනි සහ උපුලි දෙදෙනා යුගල තරග වල විශේෂඥ ක්‍රීඩිකාවන් ලෙසද සහ අතිරේක ක්‍රීඩිකාව ලෙස මධුෂිකා ඩිල්රුක්‍ෂිවද නම් කර තිබේ. එම තේරීම් තරග වටයේදී මධුෂිකා සහ නදීෂා එක්‌ තරගය බැගින් ජය ගෙන තිබෙන අතර එහිදී දෙදෙනා මුණ ගැසුණු තරගවටයේ ජය වාර්තා කිරීමට මධුෂිකා සමත්වීම මත අදාළ අතිරේක ක්‍රීඩිකාවට හිමි ස්‌ථානය ඇයට හිමිවී තිබේ.

සංචාරක කණ්‌ඩායමට පිරිමි අංශයෙන් ජාතික ශූර නිලුක කරුණාරත්න, සචින් ඩයස්‌, දිනූක කරුණාරත්න සහ බුවනෙක ගුණතිලක යන ක්‍රීඩකයෝ සහභාගි වෙති.

මේ අතර ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර ඇතිවී ඇතැයි කියන ආරවුලක්‌, ගුටි කෙළියක්‌ දක්‌වා එය දුර දිග යැම මත මේ වන විටත් ජාතික සංචිතයේ පසුවන බැඩ්මින්ටන් කණ්‌ඩායමට සිය පුහුණු කටයුතු කිරීමේ අවස්‌ථාව අහිමිව තිබෙන බවද සඳහන් වේ.

පොදු රාජ්‍ය මණ්‌ඩල තරගාවලිය සඳහා කණ්‌ඩායම මෙම මස 11 වැනිදා පිටත්ව යැමට නියමිතව ඇතත් මෙම කරුණ මත ඉකුත් බ්‍රහස්‌පතින්දා දින සිට ඊයේ දක්‌වා එම පුහුණු කටයුතු සිදු කිරීමේ අවස්‌ථාව නම් කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමිව තිබේ.

කෙසේ වෙතත් එම ගුටි කෙළියට සම්බන්ධ ක්‍රීඩකයන් වෙනුවෙන් වූ විනය පරීක්‍ෂණය ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ සවස්‌ යාමයේදී පැවැත්වීමට නියමිතව තිබූ බවද සඳහන් විය.

(දිවයින)

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් පසුගිය සිකුරාදා කැඳවන ලද හදිස්සි විධායක කමිටු රැස්වීම එහි සභාපති ජයන්ත ධර්මදාස විසින් මැදිහත්ව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

නිශාන්ත මෙසේ හදිස්සි විධායක කිමිටු රැස්වීමක් කැඳවා ඇත්තේ සුපුරුදු පරිදි අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමට ඔහුට සහභාගිවීමට නොහැකි වන නිසාය.

ඔහුට අගහරුවාදා රැස්වීමට සහභාගිවීමට නොහැකි වී ඇත්තේ මේ වන විට විදෙස්ගතවීමේ වාර්තාවක් තබා තිබෙන ඔහු නැවත වරක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකට සහභාගිවීම සඳහා විදෙස් ගතවීමට නියමිතව සිටි බැවිනි.

නිශාන්තගේ උපදෙස් මත අදාල හදිස්සි විධායක කමිටු රැස්වීම කැඳවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා  නිහාන්තගේ ලේකම්වරිය වන චයනි ද ජයන්තගෙන් නොසෑහෙන්න බැනුම් අසා ඇති බව වාර්තා වේ.

ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත සිය බලතල පාවිච්චි නොකිරීමත්,  එහි ලේකම්වරයා වන නිශාන්ත අනිසි ලෙස බලතල පාවිච්චි කිරීමත් නිසා පසුගිය කාලයේදී ක්‍රිකට් විචාරකයන් බොහෝ දෙනෙකු ජයන්ත වැනි සභාපතිවරයෙකු පොල්පිත්තකින් කපාගත හැකි බව ප්‍රසිද්ධියේ පවසා තිබිනි.

(srilankamirror)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි විෂ්ණු දෙවියන්ට අපහාස වන ආකාරයෙන් ඡායා රූපයකට පෙනී සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉන්දීය අධිකරණයක් අද නියෝග කර තිබේ.

ආන්ද්‍රා ප්‍රදේශයේ විෂ්ණු දේවාලයක බාරකරුවෙකු විසින් ‍එම ප්‍රදේශයේ අධිකරණයකට කර තිබූ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මහේන්ද්‍ර සිං දෝනි විෂ්ණු දෙවියන් ආකාරයට සැරසී ඡායා රූපයකට පෙනී සිටීමෙන් හින්දු ආගමට ද අපහාස කර ඇති බවට අදාළ පැමිණිල්ල මගින් අවධාරණය කර තිබුණි.

අදාළ ඡායාරූපයක් ඉන්දියාවේ පුවත්පතක් මගින් ද ප්‍රසිද්ධ කර තිබූ අතර එය වෙළඳ දැන්වීමක ආකාරය ගෙන තිබුණි.

ඒ අනූව මහේන්ද්‍ර සිං දෝනිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථා 3කදී දැනුම් දී තිබූ බව පැවසෙයි.

එහෙත් දෝනිට එම නියෝග නොලැබුණු බවද වාර්තා වන අතර ඒ අනූව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කිරීමටත් ලබන මස 16දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කර ඇත.

(asianmirror)

එංගලන්තය සමඟ හෙඩිංග්ලි හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 100කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල මීට සුළු මෙහොතකට පෙර සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට සමත්විය.

මෙය ශ්‍රී ලංකාව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව වේ.

ලකුණු 350ක ඉලක්කයක් පසුපස හඹාගිය එංගලන්ත පිලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 249ක් පමණි.

එංගලන්තය වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ එම්.අලී නොදැවී ලකුණු 108ක් රැස් කළේය.

එංගලන්ත දෙවැනි ඉනිම සුනුවිසුනු කළ ධම්මික ප්‍රසාද් ලකුණු 50කට කඩුළු 5ක් බිඳ දැමූ අතර ඊට අනගි සහයක් දුන් රංගන හේරත් ලකුණු 59කට කඩුලු 3ක් බිඳහෙළුවේය.

ශ්‍රී ලංකා පිල මේ ජයග්‍රහණය සටහන් කරනු ලැබුවේ තරගය අවසන්වීමට පන්දු දෙකක් තිබියදීය.

එංගලන්තයේ අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් ඔමින්ද එරංගගේ පන්දුවකට ලෙග් ගලීවෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

ඔහු එසේ දැවීගියේ පන්දු වාර 20ක් කඩුල්ලේ රැඳී සිටීමෙන් අනතුරුව වීම විශේෂිතය.

(srilankamirror)

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us