ජනපතිට පොල් කෙන්දක තරම්වත් බලයක් නැති බව 'ජිෆී' පෙන්වා දෙයි

Published in පුවත්
Thursday, 15 October 2015 13:35

පරිසර ඇමැතිධුරය හොබවන 'විධායක ජනාධිපති' මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය තමන්ට පොල් කෙන්දක තරම් නොවන බව 'ජිෆී' පාලනාධිකාරිය පසුගියදා (13) මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට පෙන්වා දී තිබේ. පොලි කොහු සෝදන කැල්සියම් නයිට්‍රේට් විෂ රසායන අඩංගු අපජලය කෙළින්ම දදුරු ඔයට දමමින් අති විශාල විනාශයක් කරමින් සිටින කොඹෙයිගනේ ජිෆී සමාගම සම්බන්ධයෙන් අප විසින් දිගින් දිගටම එල්ල කළ චෝදනාව හේතුවෙන් නැවත වරක් එම සමාගමේ කටයුතු පරික්ෂා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් පියවර ගෙන තිබේ.

ඒ අනුව පසුගිය 13 වන දින එම සමාගම පරික්ෂාවට පරිසර අධිකාරියේ නිළධාරීන් පිරිසක් හදිස්සියෙම ගොස් ඇති නමුත් එම සමාගම් පාලනාධිකාරිය එම නිළධාරීන් කිසිවකුට හෝ කාර්මාන්තායතනය වෙත ඇතුලු වීමට ඉඩ දී නැත. එම නිළධාරීන්ට එහි ඇතුළුවීම සඳහා කිසිදු බලයක් නැති බව ප්‍රකාශ කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය යනු ජනාධිපතිවරයා යටතේ ඇති ආයතනයකි.

පසුගිය රාජපක්ෂ රෙජිමය පැවැති කාලයේදී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ විසින් මෙම කර්මාන්ත ආයතනය පරික්ෂා කිරීමට කිසිදු නිළධාරියකුට ඉඩ ලබා දුන්නේ නැත. ඇතැම් නිළධාරීන්ට මරන තර්ජන පවා එකල එල්ල වී තිබිණි

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කුරුණැගල නියොජ්‍ය පොලිස්පති කාර්යාලයට දන්වා කොඹෙයිගනේ පොලිස් නිළධාරීන් සමඟ ඇතුළු වීමට ගත් උත්සාහයද වැලැකී ඇත. ජිෆී සමාගමේ පදයට නටන පොලිසියක් වන කොඹෙයිගනේ පොලීසිය ද, එම නිළධාරීන්ට පවසා ඇත්තේ සමාගමෙන් ඇතුල් වෙන්න දෙන්න බෑ කියනව නම් තමන්ට කළ හැකි දෙයක් නැති බවය. පසුව එම නිළධාරීන් ආපසු පැමින තිබේ. මෙම නිළධාරීන් කණ්ඩායමට කුරුණැගල මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයේ නිළධාරීන්ද සම්බන්ධ වී ඇත. පසුගියදා දැදෙරු ඔයේ ජලය පරික්ෂා කිරීමට ගිය පරිසර වේදීන් කණ්ඩායමක්ද ජිෆී සමාගම මැදි හත් වී වැලැක්වූ අතර ඔවුන්ව පොලිස් අත් අඩංගුවට පත් කිරීමට ත් ඔවුන් සතුව තිබූ වීඩියෝ පට ලබා ගැනිමටත් පොලීසිය සමඟ උත්සාහය නිරත විය.

ජිෆී සමාගමේ මෙරට ප්‍රධානියා වන්නේ සන්දීප්ත ගම්ලත් නම තැනැත්ත වන අතර ඔහු සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත්ගේ සොහොයුරකි. සුහද ගම්ලත් යනු රාජපක්ෂ රෙජීමයේ හිතවතකු බව ප්‍රකට කරුණකි. මේ නිසා නීතිපති දෙපර්තමේන්තුව පමණක් නොව ජිෆී සමාගම සම්බන්ධයෙන් මේවන විට පවතින අධිකරණමය නඩු විභාග 08 ක් සම්බන්ධයෙන් ද ගැටළු කාරිත්වයක් මතුව තිබෙන බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන නිතිඥවරු පෙන්වා දෙති.

මීට දින කිහිපයට පෙර සුජීව සේනාසිංහ ඇමැතිවරයා හා වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක මහත්වරු හා මාධ්‍යවේදීන් කැඳවා ගෙන ගොස් කර්මාන්ත ආයතන පෙන්වා ඔවුන්ව විනෝද කර සතු‍ටු කර එවීමට සමාගම කටයුතු කර තිබූ අතර අද දිනද තවක් මාධ්‍යවේදීන් කණ්ඩායමක් (විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය නියෝජන කරන කණ්ඩායමක්) සමාගම විසින් මේ කොඹෙයිගනේ කර්මාන්ත ශාලව නරඹීම සඳහා ගෙන ගොස් ඇත. ඔවුන් වෙනුවෙන්ද සුපිරි සංග්‍රහයක් සූදානම් කර ඇති බවත් දැන ගැනීමට තිබේ. මෙම චාරිකාවෙන් පසුව මෙම ඇමැතිවරු මාධ්‍යට පවසා තිබුනේ මේ සමාගම හරි ෂෝක් බවය. ලස්සනට වැඩ ටික කරගෙන යන බවය.

ඒ කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ බලය පවා මෙලෙස හැල්ලු කර දැමීමට සම්පූර්ණයෙන්ම නොර්වේ බහුජාතික සමාගමක් වන ජිෆී සමාගමට හැකිවීම තුල ප්‍රත්‍යක්ෂ වන අනෙක් කරුන නම් ජනාධිපතිවරයා තමන් පරිසරය වෙනුවෙන් විධායක බලාතල පාවිච්චි කරනවා යැයි කියමින් රට වටා යන ගමන ලෝක විහිළුවක් වීමය.

සැබැඳි පුවත් :

ජිෆී සල්ලිවලට යටවූ මාධ්‍යවේදින්ට ‍ටුවර් එකක් 

පරිසර අමාත්‍යංශ උපදේශකයෙකුට ජිෆී සමාගමෙන් ලොකු කුට්ටියක් දීලා 

දැදුරු ඔය විනාශ කරන Jiffy සමාගමට ආණ්ඩුව උදව් කරනවා 

ජිෆී, දැදුරු ඔයට කළ විනාශ හොයන්න ගිය පරිසරවේදින් අත්අඩංගුවට ! 

දැදුරු ඔය වැනසූ ජිෆී ලොක්කා, යහපාලනයට අල්ලස් දෙයි 

ජනාධිපතිතුමනි, දැදුරු ඔය වනසන 'ජිෆී'ට රන් සම්මාන දෙන්නේ ඇයි? 

දැදුරු ඔය වනසන ජිෆීට ජනපතිගෙන් රන් සම්මානයක් 

ජනපතිතුමනි, කැළණි ගඟ විතරක් නෙවෙයි දැදුරු ඔයත් විනාශයි

දැදුරු ඔය වනසන ජිෆීට යහපාලනයෙන් තල්ලුවක් 

ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (video)

බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි
දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

 

Last modified on Thursday, 15 October 2015 13:38

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us