පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව අඩු කර අැත. 
ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය සහය පළ කරන බව පිවිතුරු හෙටක් ජාතික සභාව පැවසුවේය.එහිදී උන්වහන්සේ පවසා සිටියේ පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කරගැනීම සදහා  පිවිතුරු හෙටක් ජාතික සභාව විශාල කැපකිරීමක් කළ බවය.එම කාර්ය දැන්  සාර්ථක කරගෙන අැති බවද සදහන් කළේය.
ජ්‍යෙෂ්ට ඇමති පියසේන ගමගේ මහතා ආණ්ඩුවෙන් තමනට වසර ගණනාවක් තිස්සේ අසාධාරණකම් සිදු වූ බව ප්‍රකාශ කොට තිබේ. 
මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ජනාධිපතිවීමෙන් පසු දින 100ක් තුළ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව පැවසූ බවත්, ඔහු එය සිදුකරනු ඇති බවට විශ්වාසයක් ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ.

නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව යන දිස්‌ත්‍රික්‌ක තුන හැර සෙසු සෑම දිස්‌ත්‍රික්‌කයකම පාහේ ඩෙංගු මදුරු කීට ඝනත්වය එම ඝනත්වය මනිනු ලබන දර්ශකයෙහි 10 කට වඩා වැඩි අගයක පවතින බව කීට විද්‍යා සහකාර නිලධාරීහු සදහන් කර සිටිති.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ එල්.ටී.ටී.ඊ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දින සැමරීමට එම්.එම්.කේ පක්ෂ නායක වයිකෝ ඇතුළු පිරිසක් සුදානම් වන බවට තොරතුරු වාර්තාවී අැත. මෙම උපන්දින සැමරුම තහනම් කරන ලෙස බී.ජේ.පී පක්ෂය ඉල්ලීමක් කර තිබේ.

ජනපතිවරණය ජනවාරි 8

Published in පුවත්
Saturday, 22 November 2014 10:16
මීළඟ ජනාධිපතිවරණය 2015 ජනවාරි මස 08 වැනිදා පැවැත්වේ.

ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය වන පරිදි ධීවර කටයුතු වල නිරත නොවන ලෙස ඉන්දීය මධ්‍යම රජය එරට ධීවරයින් වෙත උපදෙස් ලබාදී අැත. විදේශ කටයුතු අමාත්‍ය සුශ්මා සුවරාජ් මහත්මිය නවදිල්ලි නුවරදී හදිසි සාකච්ඡාවක් කැඳවමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

 

ld add copy

Connet With Us