වඳුරන් රිලවුන් වැනි සතුන් තනිවම හම්බ කර ගෙන කන්නේ නම් උසස් මනසක් හා ශක්තියක් ඇති මිනිසාට එසේ කිරීමට නොහැකි මන්දැයි අගමැති දිමු ජයරත්න ප‍්‍රශ්න කරයි.

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් මදනී ශ්‍රී ලංකාවට  පැමිණීමට නියමිත බව අරාබි පුවත් සේවය සඳහන් කරයි.
වසර 2015 ආරම්භයේ සිට රැඳවියන් සඳහා දුරකථන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉකුත් දා පැවති නිලවරණය සම්බන්ධයෙන් එම සංගමයේම සාමාජිකයින් පිරිසක් පවරා තිබූ නඩුව අද(29) අවසන් කෙරුණා.

තමාට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගතවීමට නොගිය නිසා බව රත්නපුර නගරයේදී පහරකෑමට ලක්වූ ස්ත්‍රීය පවසයි.

දූෂණ චෝදනා මත ජයලලිතාට සිරදඬුවම් නියම වීම හේතුවෙන්, තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමති ලෙස ඕ. පනීර්සෙල්වම් අද (29දා) දිවුරුම් දුන් අතර, සිය දිවුරුම්දීම අතරතුර හෙතෙම හඬා වැටුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මිලග ජනාධිපතිවරණය බොහෝ දුරට එළඹෙන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර දී පැවති උත්සවයකින් අනතුරුව මිලග ජනාධිපතිවරණය පැවැත්වෙන  කාලවකවානුව පිළිබඳ මාධ්‍යවේදින් නැගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා යලි සක්‍රිය දේශපාලනයට ගෙන එමින්, එජාපය තුල යම් වෙනසක් කිරීමට මුල් වුයේ තමා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය අවධාරණය කර සිටින්නීය.

ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ පවසන්නීය.

 

ld add copy

Connet With Us