අප්‍රේල් 21 දා ඇති වූ ගැටුමේ වාර්තාව ලබන සතියේ කථානායකවරයා අතට !
පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් පසුගිය අප්‍රේල් මස 21 වනදා පාර්ලිමේන්තුව තුළ සිදු වු සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කථානායකවරයා වෙත භාර දීමට නියමිතව තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීම එහි පළමු මාත්‍රාව ලබාදී සති 45 දක්වා ප්‍රමාද කිරීමෙන් කොවිඩ්-19ට එරෙහි ප්‍රතිශක්තිය ඉහළ නංවන බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
පවතින වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත රටවල් 08ක සිට පැමිණෙන ගුවන් මගීන්ට එළඹෙන ජූලි 01 වනදා සිට එම මස ජූලි 31 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
රසායනික පොහොර තහනම් කිරීම වෙනුවට ක්‍රමාණුකූළව අඩු කිරීම කළ යුතුයි - දුමින්ද
කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට රජය ගත් තීන්දුවට දිගින් දිගටම ගොවීන්ගෙන් මතුවන විරෝධය හේතුවෙන් ඒ සඳහා ගත යුතු විසඳුම් පිලිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නායකයින් සමඟ සාකච්ජාවක් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විදේශයන් හි පවත්නා විවිධ වෘත්තීන් 25ක ඉල්ලුමට සරිලන පරිදි මෙරට තරුණ තරුණියන් ලක්ෂයක්(100,000) ඉහළ වෘත්තීය නිපුණතාවන් සහිතව එම රැකියා සඳහා සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක් ඇරැඹේ.
GSP සහනය සම්බන්ධව නිරීක්ෂණය සදහා යුරෝපා සංගමයෙන් ලංකාවට !
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ජීඑස්පී ප්ලස් සහනය ඉවත්කර ගැනීමට යුරෝපා පාර්ලිමේන්තුව පසුගියදා යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී නිරීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට යුරෝපා සංගමය සැලසුම් කර ඇති බව කොළඹ පිහිටි යුරෝපා සංගම් කාර්යාලය විසින් දන්වා තිබෙනවා.
එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම ඉතා සාධනීයයී. යහපාලනයෙන්වත් කළේ නෑ. - එස්. ශ්‍රීධරන්
එල්.ටී.ටී.ඊ.සැකකරුවන් දාසය දෙනකු නිදහස් කිරීම තුළින් දෙමළ ජනයාගේ ඉල්ලීම් කෙරෙහි රජය යම් අවධානයක් යොමු කරන බව පිළිබිඹු වන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පසුගියදා (26) පැවසීය.
තර්ජනාත්මක ඉල්ලීම් කරන කිසිම රැඳවූවෙකුට පොදු සමාවන් නොදීමට තීරණය !
බන්ධානාගාර වහල මත නැග,බන්ධනාගාර දේපළවලට හානි කරමින් ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරෙමින් තර්ජනාත්මක ඉල්ලීම් කරන කිසිම රැඳවූවෙකුට මින් ඉදිරියට පොදු සමාවන් සඳහා නිර්දේශ නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.