තමාගේ එකම ප්‍රතිවාදියා එජාපය හා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කිරීමට තමාගේ කිසිඳු සුදානමක් නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ  මහතා අවධාරණය කර සිටියි.

සිරස රූපවාහිනියේ අයිතිකරුවා වන කිලී මහරාජා මේවන විට එජාපය තුල නායකත්ව ගැ‍ටුමක් නිර්මාණය කිරීම සඳහා කුමන්ත්‍ර කාරී වැඩ පිලිවෙළක යේදි සිටින බව අනාවරණය වේ.

පේපැල් ගෙවීම් සඳහා අවශ්‍ය පහසුකම් නුදුරේම ශ්‍රී ලාංකිකයා වෙත ලබාදීමට කටයුතු කරන බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මුහන්තන් කැනගෙයි මහතා පවසයි. ඩොලර් බිලියන 50 ක ඩිජිටල් අපනයන වෙළඳාමක් ඉලක්ක කරගෙන සිදු කිරීමට නියමිත වැඩ පිළිවෙලක් යටතේ මේ සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

මලයාසියාවේ සැඟවී සිටින ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරු මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයා මලයාසියාවෙන් අතුරුදන් වී ඇති බව පොලිස් බුද්ධි අංශ අනාවරණය කැරගෙන තිබේ.

පසුගිය 05 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ඇමැතිවරු ‍රැසක් ඊට පෙර මාසයේ 30 වන දින ඉල්ලා අස්වූ බව තිලංග සුමති පාල මහතා පැවැසූවේ එවැනි සිදුවීමක් ගැන හාංකවිසයකවත් දෙයක් නොදැන බව වාර්තා වේ. 

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගිය බවට සැකකෙරෙන දෙමල ජාතිකයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත් අඩංගුවට ගෙන ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වී ඇත.

යුද්ධය පැවැති අවස්‌ථාවේදී සුදු කොඩි උස්‌සාගෙන එන අය මරන්න කවුරුන් හෝ නියෝග දුන්නේ නම් ඔවුන් බේරා ගැනීමට නොහැකි බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

යුද්ධයකදී යමෙක්‌ සුදුකොඩි ඔසවාගෙන එන්නේ යටත්වීමට නම් ඔවුන් මැරීමට අණකිරීම අනුමත කළ නොහැකි බවත් මේ පිළිබඳව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාත් ප්‍රකාශයක්‌ කර තිබූ බවත් ඇමැතිවරයා ඊයේ (06 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීය.

භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු ඊයේ සවස   කොලඹ මහාධාකරණයේදී පැවති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට පෙනී සිට නිවෙසට යමින් සිටියදී අධිකරණය ඉදිරිපියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. එම නඩුවේ 6 වැනි විත්තිකරු වන විදානගමගේ අමිල  මෙසේ පැහැර ගැනීමට ලක කරන ලදී. 

ld add copy

Connet With Us