ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලේ අද (20) දිනයේ පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස විමල් විරවංශ මහතාට මින් පෙර දැනුම් දී තිබු බවයි.

2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සහ ලංකා හොස්පිටල් ආයතනයේ හැරී ජයවර්ධන මහතාට අයත් කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.

සුරැකුම්පත් වෙන්දේසියේදී ඒවා ලබාගත් මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස්‌ නමැති සමාගම ක්‍රියාකර ඇති ආකාරය අසාමාන්‍ය බවත් මේ පිළිබඳ සොයා බැලීමට නිසි රාජ්‍ය අධිකාරියකින් සම්පූර්ණ විභාගයක්‌ පැවැත්විය යුතු බවත් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන කමිටුව නිර්දේශ කර ඇත.

සන්ඩෙලීඩර් ඉරුදින පුවත්පත් හී හිමිකරුවා වන අසංග සෙනෙවිරත්න මහතා මේ දිනවල ප්‍රසිද්ධියට නොපැමිණ රහස් ජීවිතයක් ගත කරන බවත් මේ හේතුවෙන් ඔහුගේ ව්‍යපාරවල සේවකයන්ට පසුගිය අප්‍රේල් මාසයේ වැ‍ටුපවත් ගෙවීමට එම ආයතන පරිපාලකයන්ට නොහැකිව ඇති බවත් වාර්තාවේ.

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැ‍ඟෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 124ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාඩා ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන්නේ යැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු ඊයේ (19) කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්හ.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එකෝ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද අංශය වෙත ඇතුළත් කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා හෘද අංශය වෙත යොමු කර ඇති බවත් ඔහු අසාධ්‍ය රෝගයකින් නොපෙළෙන බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා පැවැසුවේය.

පසුගියදා ජනපති සහ අගමැති දෙපළගේ සහභාගිත්වයෙන් ලබාදුන් උතුරේ වලාලියි ප්‍රදේශයේ ඉඩම්වල නිවාස ඉදිවීම තවදුරත් හීනයක්ව පවතියි . මේ පදිංචිකරුවන්ට දවසකට දෙවරක් ගම්මානයට දිවෙන බස්රථය සහ පවුල් 155 කට පානීය ජලය සැපයෙන ගම්මානයේ එකම ළිද හැරෙන්නට වෙනත් කිසිදු පහසුකමක් නොමැති බව වාර්තා වේ .

රිමාන්ඩ් බාරයේ සිටින කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හදිසියේ හෘද රෝග වාට්ටුවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us