මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මුළුමනින්ම බැංකු නීතියට අනුකූලව සිදු වී ඇති අතර එහි එක් කරුණක් පමණක් හුවාදක්වමින් ජනතාව අතර වැරැදි මතයක් පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (8) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කීය. බැංකු නීති-රීති ගැන නොදන්නා කිහිපදෙ‍නකු හැරෙන්නට මෙම ගනුදෙනුවට සම්බන්ධ කිසිදු පාර්ශ්වකරුවකු විසින් ඒ සම්බන්ධ එකම පැමිණිල්ලක් කර නැතැයි රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.

ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තවදුරටත් සහාය දෙන බව  ඇමරිකානු රාජ්‍ය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රකාශක ජෙෆ් රත්කේ පවසයි.

දිවයින පුරා අලෙවි කිරීමට ඇති මත්පැන් වර්ග වල සාම්පල ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඥානසාරට වරෙන්තු

Published in පුවත්
Friday, 08 May 2015 14:47

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08) වරෙන්තු නිකුත් කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටී.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්යවරියක සහ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ආචාර්ය එස්.කේ.එම්.ඩී. දර්ශනී ගුණතිලක මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ සිය රාජකාරී අද (08) නිල වශයෙන් ආරම්භ කළාය.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූ භික්ෂුන් වහන්සේ සහ මන්ත්‍රීවරුන් 27 දෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබේ.

රාජපක්ෂ පවුලේ ආරක්ෂාවට බිහි කරන ලද රාජපක්ෂ වරුන්ට දැඩි පක්ෂපාතිත්වයක් දැක්වූ යුද හමුදාවේ ජනාධිපති ආරක්ෂක සේනාව පසුගිය 30 වෙනිදා සිට විසිරුවා හැර තිබේ.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us