මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සම්බන්ධ නඩුව ලබන 18දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කර තිබේ.

අභය භූමි හතරක් ජාතික වනෝද්‍යාන හා ස්වභාවික රක්ෂිත ලෙස නම් කිරීමට ගැසට් පත්‍රයක් ගෙන එන බව ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

සාධාරණ සමාජයක් ඇතිකිරීමට නම් තුන්වැනි ජනරජ ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ආණ්ඩුව පවසයි. කොළඹදී අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ විධායක බලතල අහෝසි කිරීම මගින් රටේ පවතින සියලූ ගැටලූ විසඳ ගත නොහැකි බවයි.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනා මේ මස 20 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය. ඒ ඔවුන්ව අද (07) යළිත් කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා නියාමක තනතුරු 200ක් සදහා පත්වීම් ලිපි ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දී පිරිනැමුණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ශ්‍රී ලංකාව රජය අතර වසර තිහක පැවැති යුද්ධය හා එය සාමයෙන් විසඳා ගැනීම සඳහා නොර්වේ රජය ගත් ක්‍රියාමාර්ග පිළිබදව පොතක් එළිදැක්වීමට කටයුතු සූදානම් කොට තිබේ.

මාධ්‍ය ජීවිතයේ 30වසරක අත්දැකීම් ඔස්සේ උපුල් ශාන්ත සන්නස්ගලයන් රචිත පොත් 15 ක් එළිදැක්වීම උත්සවය සන්න අරගලය නමින් ඊයේ(060) සවස පැවැත්වුණි.එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අගමැතිතුමා සහ තමන් ජේ.ආර්ගේ ගැටය හොදි ඇගේ හලා ගන්නේ නැතිව ලිහා ගත් බවය.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව  සතොස ආයතනය මගින් ආනයනය කළ මිලියන 39ක් පමණ වටිනාකමකින් යුතු කැරම් බෝර්ඩ් තොගයක් අතුරුදන්වීම සමබන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

ld add copy

Connet With Us