මේ වන විට දිවයිනට පැමිණ සිටින අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුව අද (02)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. විශේෂ කාරණා රැසක් පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු වූ බව වාර්තාවේ.

ආණ්ඩු බලය තිබිය දී සිදු කළ මැර ක්‍රියා ඇතැමුන් අද විපක්ෂයේ සිට කරන්නට උත්සහ දරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

නේපාලයේ හටගත් භූකම්පනයෙන් පීඩිත ජනතාවට අවශ්‍ය සහනාධාර රැගත් තවත් ගුවන්යානයක් ශ‍්‍රී ලංකාවේ සිට අද(02) පෙරවරුවේ කත්මන්ඩු නුවර බලා පිටත්ව ගියේය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී130 දරණ ගුවන් යානය නේපාල ජනතාවට අවශ්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ මෙට්ටි‍්‍රක් ටොන් දහතුන් දහසක් සහිතව පිටත් වී අැත.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් අද උදෑසන පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ මංගල සමරවීර මහතා ප්‍රකාශ කරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ  සහ වාර්ගික සාමය ඇති කිරීම සඳහා රජය කටයුතු කරමින් යන මෙවැනි මොහොතක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම ඉතා වැදගත් බවයි. 

යාපනය සරසවිය තුළ ඉගෙනීමට සහ ඉගැන්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කර දෙන්නයි ආචාර්ය සංගමය ඉල්ලයි .

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද (02දා) දිවයිනට පැමිණීයේය. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඔහුව පිළිගත්තේය.

මහා බ්‍රිතාන්‍යය මුල් කරගත් ගෝලීය දමිළ සංවිධානය ,ශ්‍රී ලංකාවේ වත්මන් දේශපා ලන ප්‍රවණතාව පිළිබද අතිශය පැහැදීමෙන් පසුවෙයි .

ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කුටියක පැවැති රහසිගත සාකච්ඡාවකට සවන් දීමට උත්සාහ කළ ජනාධිපති ආරක්‍ෂක අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති (එස්‌. ඩී. අයි. ජී.) එස්‌. එම්. වික්‍රමසිංහ මහතාට බැණ එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us