'රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඇති ප්‍රධාන තර්ජනය යටපත් නොකළහොත්, රටටත් ජනතාවටත් විජයග්‍රහණ ළඟා කරදෙන පාලනයක් කරා ගමන් කිරීමට ඔබට නොහැකි වනු ඇතැයි' අවධාරණය කරමින් වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින 10කදී තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් භාරදුන් බව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එම පක්ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (22දා) හෙළි කෙළේය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සති දෙකක්‌ ඇතුළත අනිවාර්යයෙන්ම සම්මත කර ගන්නා බව ඉතා වගකීමෙන් සඳහන් කරන බව ජාතික හෙළ උරුමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (22 ) සඳහන් කළහ.

ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ඥති සොහොයුරකු අතර ඊයේ (22 වැනිදා) දහවල් ඇතිවූ ගැටුමකින් ඔවුන් දෙදෙනාම තුවාල ලබා රෝහල්ගත කර ඇත.කොල්ලුපිටියේ පිහිටි කොළඹ පිහිනුම් සමාජ ආපන ශාලාවේදී ඊයේ සවස 2.30 ට පමණ මෙම ගැටුම සිදුවී ඇති බව පොලිසිය පවසයි.

රජයට අද (23) දින සියය සම්පූර්ණ වේ. ජනවාරි 08 දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව බිහි වූ නව රජයේ දින සියයේ වැඩ සටහනේ සියවන දිනය ද අද වේ.

අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ , නිහාල් ජයතිලක, ඒ කේ රණවක යන තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා නියෝග කිරීමෙන් අනතුරුව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා ඇත.

කොළඹ,මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක,දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක යන මහත්වරුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණුවා තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වත්කම් හා බැරකම් ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ තිබේ.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us