අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම කොමිසමේ සභාපතිවරයාට ඊයේ (01)පැමිණිල්ලක් භාරදී ඇත.

යාපනයේ චුන්නාකම් පළාතේ පානීය ජලයට කිසියම් විෂ ද්‍රව්‍යයක් හෝ අපද්‍රව්‍යයක් මිශ්‍ර වී ඇති බවත් ලංකා ජල සම්පාදන සහ ජලප්‍රවාහන මණ්ඩලය ලිං 150 ක වතුර සාම්පල් යොදාගෙන සිදුකළ පරීක්ෂණයේදී 73% ක ග්‍රීස් ඔයිල් ආදි විෂ ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වී ඇතැයි අනාවරණය වූ බව යාපනය වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය මුරලි මහතා පවසයි.

නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින පිරිස් සඳහා යුධ හමුදාවෙන් නීත්‍යානූකූලව ඉවත්වීම සඳහා පොදුසමා කාලයක් ලබාදීමට තීරණය කර ඇත.

රජයේ වෛද්‍යවරුන්ට ගෙවීමට එකඟ වී ඇති කැඳවීමේ බාධා කිරීමේ හා ප්‍රවාහන (ඩැට්‌) දීමනාවට සමානුපාතික වූ දීමනාවක්‌ හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් 17 කට මෙම මාසයේ සිට ගෙවීමට මුදල් අමාත්‍යාංශය එකඟවීම හේතුවෙන් අද (02 දා) එම වෘත්තීන් විසින් දියත් කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

යතුරුපැදි කරුවන්ට සම්පූර්ණ මුහුණු ආවරණය වන (ෆුල් ‍ෆේස්) හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.කෙසේ නමුත් ඊයේ පොලිස් රථවාහන අංශය ප්‍රකාශ කළේ ඒ මාසයකට කල් දැමූ බවය.

සීගිරියේ කැටපත් පවුර කුරුටු ගෑ තරුණියට ඊයේ (01) සිට නිදහස ලබාදීමට රජය තීරණය කර තිබේ.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයවිසින් සංවිධානය කෙරුණු විරෝධතාව පිළිබඳව පළ වූ පුවත් වාර්තා සම්බන්ධයෙන් අප කාර්යාලයේ අවධානය යොමු වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ මීළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඉලක්ක කරමින් දේශපාලන වැඩ පිළිවෙලක සකස් කරමින් තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us