සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මේදිනවල සිංගප්පුරුවේ රෝහලක විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබති.

ශ‍්‍රී ලංකාවෙන් දුෂණ හා වංචා තුරන් කිරීමට නම් වඩා වැදගත් යාන්ත‍්‍රණයක් සකස් විය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසම වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටියි.

උපන් විගස සියලු දරුවන් විශේෂ සායනික පරීක්ෂාවකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර අැත.

යුරෝපා සංගම් අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවද නොසලකා හරිමින් එල්.ටී.ටි.ඊ. සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.මෙය වත්මන් රජය ලැබූ ජයග්‍රහණයක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ-මෛත්‍රීපාල සිරිසේන යහ පාලන ආණ්ඩුව පුද්ගලික බැංකු අංශයේ පාලනයද මේ වන විට සියතට ගනිමින් පසුගිය රජය යටතේ රාජ්‍ය අංශයේ කොටස් අයිතිය වෙනුවෙන් පත් විම් ලැබ සිටි පුද්ගලික බැංකු සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුට ඉල්ලා අස්වෙන ලෙසට බල කෙරෙන ලිපි යොමු කර ඇති බව අදාල බැංකු හා මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන බව රන්දොර වෙබ් අඩවිය වාර්තා කරයි. 

ලංකාවේ පළාත් නවයේම ආණ්ඩුකාරවරුන්ගේ එකමුතුවකින් යුත්  ආණ්ඩුකාර පුරෝගාමිත්ව සංවිධානය විසින් අද(28) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කර තිබුණි.

චීනයේ සංචාරවක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(28) එරට පැවැත්වෙන බෝආ සමුළුවේ ආරම්භක සැසිය ඇමතුවේය.

උතුරු පලාතේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(28) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරු පලාතේ අධ්‍යාපන බලධාරින් මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබේ.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us