ජනාධිපතිවරු දෙදෙනෙකුට සහ නිලධාරීන් අටකට යුධ අපරාධ චෝදනා
මෙරට හිටපු රාජ්‍ය නායකයන් දෙදෙනකු, හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු සහ හමුදා නිලධාරීන් හයදෙනකුට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් රටින් බැහැර ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානය ජිනීවා යුද අපරාධ පරීක්ෂණ මණ්ඩලයට සංදේශයක් යවා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවනි,19ට හිස නමන්න-පුරවැසි බලය(audio)
18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම හරහා තනි පුද්ගලයෙකු තම අභිමතය මත කටයුතු කිරීමට තිබූ බලය 19 සම්මතවීම මගින් බරපතල ලෙස සීමාවූ බවත් දැන් නව ප්රජාතන්ත්රවාදී වෙනස්කම් සදහා අවස්ථාව උදාවී අැති බව පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ජනරංජන මහතා ඉල්ලා සිටියේය. 19ට අදාළව ස්වාධින කොමිෂන් සභා සහ ප්‍රධාන තනතුරු යළි පත්කළ යුතු බව ඔහු පවසයි. පුරවැසි බලය සංවිධානය විසින් අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
පොර්ට් සිටිය වෙනුවෙන් කළ මුහුද ගොඩ කිරීම් නිසා මේවන විට වැල්ලවත්ත වෙරළ තීරය (කින්ග් රෝස් පබ් ප්‍රදේශය) මුහුදු ඛාදනයට ලක්වෙමින් තිබේ.
යාපනය කයිට්ස් පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිවලෝගනාදන් විත්‍යා පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පල කරමින් පුත්තලමේ සිංහල, දෙමළ, මුස්ලිම් කාන්තාවන් අද (20) වන දින විරෝධතාවයක නිරතවුණි.
ලෝකයේ අවම මාධ්‍ය නිදහසක් ඇති රටවල් 20 අතර ශ්‍රී ලංකාව ද සිටින බව "දේශසීමා රහිත වාර්තාකරුවෝ" නම් ජාත්‍යන්තර සංවිධානය 2015 වර්ෂය සඳහා සකස් කළ ලෝක මාධ්‍යයේ නිදහස පිළිබඳ දර්ශකය ඇතුළත් වාර්තාව සඳහන් කරයි.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද(20) යළි ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූවේය.
ශ්‍රී ලංකා සාගරය සමුද්‍ර දුෂණයෙන් රැක ගැනීමට මෘදුකාංගයක්
ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දුෂණය වීම වැළැක්වීම සදහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් හදුන්වාදීමට පියවර ගෙන තිබේ.
හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූපසිංහ හා හිටපු අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන තිදෙනාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) රුපියල් පනස් දහස බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් ශරිර ඇප නිමය කළේය.