ආණ්ඩුව හැම විට ම කටයුතු කරමින් සිටින්නේ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකිරීමට වන අතර ඒ වෙනුවෙන් ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට බාධා මතු කරන නිලධාරීන්ට එරෙහිව විමර්ශන පැවැත්වීමට සිදුවන බව මුදල් ඇමති රවී කරුණානායක ඊයේ(08) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

විල්පත්තු අභය භුමියේ සිදුවන වන විනාශය නවතන ලෙස ඉල්ලමින් අද(09) පාර්ලිමේන්තු වට රවුම  අසලදී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත් වුණි.

සියළු පළාත් පලාන ආයතන මේ මස 15 වනදා විසුරුවා හැරිමට තීරණය කර ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අඩු ආදායම් ලාභි පවුල් වල සිසු දරුදැරියන්ට පොත් ලබාදිම සදහා වත්තල පැවති උත්සවයකට එක්වෙමින්ය.

තෙල් මිළ ඉහළයාමක් මවාපාමින් රටේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ තෙල් මාෆියාව, රටතුළ ඉන්ධන හිගයක්ද ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් පතුරවමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

පවතින මැතිවරණ ක්‍රමය යටතේම එළඹෙන මහ මැතිවරණය පැවැත්විය යුතු බවට සුළු පක්ෂ සම්මේලනයේදී තීරණය කර තිබේ.

ලංකාවේ වෙබ් අඩවි පාලනය වන්නේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව මහානායක ධුරය සඳහා ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි නාහිමියෝ ඊයේ පස්වරු‍ෙව් තේරී පත් වූහ.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මුළුමනින්ම බැංකු නීතියට අනුකූලව සිදු වී ඇති අතර එහි එක් කරුණක් පමණක් හුවාදක්වමින් ජනතාව අතර වැරැදි මතයක් පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (8) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කීය. බැංකු නීති-රීති ගැන නොදන්නා කිහිපදෙ‍නකු හැරෙන්නට මෙම ගනුදෙනුවට සම්බන්ධ කිසිදු පාර්ශ්වකරුවකු විසින් ඒ සම්බන්ධ එකම පැමිණිල්ලක් කර නැතැයි රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.

ld add copy

Connet With Us