අඩ සියවසකට පමණ පසු එක්සත් ජනපදය හා කියුබාව අතර වාණිජ යාත්‍රා සේවාවක් ඇරඹීමට නියමිතව තිබේ. මෙය දෙරට අතර සබඳතා වර්ධනය වීමේ තවත් පියවරක් ලෙස සැලකේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ප්රචාරක කටයුතු සිදු කිරීමට තිබෙන අවසන් දිනය අදයි.
පැපුවා නිව්ගිනියාවේ දකුණු වෙරළබඩ තීරයේ ප්‍රභල භූ කම්පනයක් හට ගෙන තිබේ.එය රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයකින් යුතු බවයි ඇමරිකානු භූවිද්‍යා පරීක්ෂණ ආයතනය පවසයි.
මුහම්මද් තුමා සම්බන්ධකරගනිමින් කාටූන් නිර්මාණය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩලාස් නගරයේ පැවති සම්මන්ත්‍රණයක අතරතු වෙඩි තැබීමක් කළ පුද්ගලයන් දෙදෙනකු පොලිස් වෙඩිපහරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ පැවති මැයි රැළියකට පොලිසිය විසින් රබර් උණ්ඩ යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලිසිය සඳහන් කරන ආකාරයට විරෝධතා කරුවන් 140ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.
ලංකාවට පැමිණෙන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් වරයාට ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව ගේ ගැටළුවලට විසදුම් සෙවීමට ඔබාමා වෙනුවෙන් පෙනී සිටින දමිළ සංවිධා නයෙන් බලපෑම් කෙරෙයි .
ළමා අයිතිවාසිකම් ක්‍රියාධරයෙකු වූ මලාලා යූසුෆ්සායිට වෙඩි තැබීමට වරදකරුවන් වූ කැරලි කරුවන් දස දෙනෙකුට පකිස්ථාන් අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබ තිබේ.
නේපාල භුමි කම්පාවෙන් විපතට පත් ඈත දුෂ්කර ප්‍රදේශ වල ජනතාව වෙත හදිසි සහනාධාර ලබා දීම ආරම්භ වී තිබේ. මේ අතර අවශ්‍ය සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 415ක් ලබාදීමට එකසත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇතිබව වාර්තා වේ.