අන්නා ද්‍රවිඩ මුන්නේත්තරම් කසගම් පක්ෂයේ නායිකා ජයලලිතා තමිල්නාඩුවේ මහ ඇමැතිනිය ලෙස අද පස්වෙනි වරටත් දිවුරුම් දී තිබේ. ජයලලිතා සහ ඇගේ ඇමති මණ්ඩලය මදුරාසි විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී මෙම දිවුරුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.
අයි.එස්.සටන්කාමීන් ඓතිහාසික පැල්මයිරා නගරය අත්පත් කර ගනී
අයි.එස්.සටන්කාමීන් සිරියාවේ තවත් ඓතිහාසික නගරයක් වන පැල්මයිරා නගරය සම්පූර්ණයෙන්ම සිය අණසකට ගෙන තිබේ.
මුහුදේ අතරමංව සිටින හත් දහසකට අධික සංක්‍රමණිකයන්ට තාවකාලිකව සෙවන ලබා දීමට මැලේසියාව සහ ඉන්දුනීසියාව එකඟතාව පළ කර තිබේ.
සිවිල් වැසියන් දහස් ගණනක් රාමාධි නගරය අත්හැර පලායයි
ඉරාකයේ රාමාදි නගරයේ වෙසෙන දහස් ගණන් සිවිල් ජනතාව නගරයෙන් පලා යමින් සිටින බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ අයි.එස්.සටන්කාමීන් නගරයේ පාලනය අත්පත් කර ගැනීමත් සමග ඔවුන් එලෙස නගරය හැර යමින් සිටින බවයි.
ඇෆ්ගනිස්ථාන අධිකරණය පසුගිය මාර්තු මාසයේදී කාබුල් නුවරදී කලහකාරී පිරිසක් විසින් මරාදැමුණු කාන්තාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එරට පොලිස් නිලධාරීන් එකොළොස් දෙනෙකුට වසරක සිර දඬුවම් නියම කර තිබේ.
කොලොම්බියාවේ සල්ගාර් නගරයේ අධික වර්ෂාවත් සමග සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ගලයන් 58 දෙනකු මිය යන්නට ඇතැයි කොලොම්බියාවේ ආපදා කළමනාකරණ අධ්යක්ෂ මාරියා ඉනෙස් කාර්ඩොනා පවසයි.
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සිට එරට අධිකරණය අද (16) මරණ දඩුවම නියම කළේය.
චීනයේ තෙදිනක නිළ සංචාරයක යෙදී සිටින ඉන්දියාවේ අගමැති මෝදී එරට නායකයින් සමග ඉන්දු චීන දේශ සීමාවන් ගැටළුවට තිරසාර විසඳුමක් ලබාදීම පිළිබද සාකච්ඡා කර ඇත .