සිරියාව තුළ ක්‍රියාත්මක අයි.එස්. කැරළිකරුවන්ට එරෙහිව ප්‍රථම වරට කැනඩාව ගුවන් ප්‍රහාර ආරම්භ කර තිබේ.
කෙන්යානු හමුදාව විසින් සෝමාලියාවේ අල් ෂබාබ් කැරළිකරුවන්ගේ කඳවුරුවලට ගුවන් හමුදා ප්‍රහාරයන් එල්ල කර තිබෙන බව වාර්තා වේ.
තලේබාන් සංවිධානයේ උත්තරීතර නායකයා ලෙස සැලකෙන මුල්ලා මොහොමඩ් ඕමාර් එම නායකත්වයේ වසර 19ක කාලයක් රැඳී සිටීම සමරමින් ඔහුගේ චරිතාපදානයක් තලේබාන් සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
කෙන්යාවේ ගරිස්සා ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයකට ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගණන 147 ක් දක්වා වැඩි වී තිබේ. කෙසේවෙතත් කැරළිකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි සිසුන් සියලූ දෙනා මේ වනවිට බේරාගෙන තිබෙන බව බී බී සී ලෝක සේවය පවසයි.
රුසියාවට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් කම්චට්කා අර්ධද්වීපය ආශ්‍රිත මුහුදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෞදි අරාබිය ප්‍රමුඛව අරාබි රටවල් කිහිපයක් මේ වන විට යේමනයේ හවුති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කරමින් සිටියි.
අනතුරට පත් යානයේ සිරුරු හඳුනා ගැනීමට ඩී එන් ඒ පරීක්ෂණ
මීට දින පහකට පෙර ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයට කඩා වැටුණු ජර්මන්වින්ස් යානාවේ ගමන් කළ මගීන්ගේ සිරුරු කොටස් සොයාගෙන ඇත. එහෙත් මේ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වී තිබේ. සිරුරු හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.
ටජ් මහල ආසන්නයේ පිහිටි භූමි භාගයක් තුළ මිය ගිය සතුන්ගේ කොටස් සහ කැළිකසල ගොඩ ගැසීම සඳහා ඉන්දීය ආණ්ඩුව අනුමැතිය ලබා දීම පරිසරවේදීන්ගේ විවේචනයට ලක් වී තිබේ.