මෙරට  ඕනෑම මැතිවරණයකදී ඛනිජ තෙල් මිල ගණන් සහ විදුලි ගාස්තු තීරණාත්මක සාධක විය යුතු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විදුලි ඒකක 50ට අඩුවෙන් භාවිත කරන පවුල් රැකගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවිය යුතු බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම අනිවාර්ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුතුව විපක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම පිළිබඳව මේ වන විට සාකච්ඡ කි‍්‍රයාත්මක බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මහතා 'වී එෆ් එම්' ගුවන් විදුලියට සඳහන් කළේය.  

රත්නපුරයේදී පොලිස් නිලධාරියෙකුගේ පහරකෑමට ලක්වූ බට්ටි නැමැති කාන්තාව තමාට වූ අසාධාරණය සම්බන්ධයෙන් අද (01) මානව හිමිකම් කොමිසම හමුවට පැමිණිලි කළාය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී දායකත්වය ලබාදුන් මිනිස් අවකාශයක් සදහා වූ සාමූහිකය සදහන් කොට සිටියේ කාන්තාවන්ට හිරිහැර කොට තම තුච්ඡ ලිංගික ආශාවන් සන්තර්පනය කොට ගන්නා පොලිස් නිලධාරීන්ට මේ හරහා පණිවුඩයක් ලබාදෙන බවයි.

ඉල්ලීම් දහයක් මුල් කරගෙන ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් සංවිධානය කරන ලද අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 17 ක් වුවත්  කිසිඳු විසඳුමක් මෙතෙක් ලබා දී නැත.

දකුණු අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්ව පාදයක් අහිමිවූ එගජාගප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට කෘතීම පාදයක් සවිකිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ  සිටි  ඉන්දීය ධිවරයින් 96 දෙනෙකු නිදහස් කිරීම ඊයේ(30) දින සිදු විය. 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධිවරයින් 76 දෙනෙකු නිදහස් කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරන ලෙසත් , කළමනාකරණ උපාධිය මුදලට විකිණිම වහා නවතන ලෙසත් හා බාහිර සිසුන්ගෙන් මුදල් අයකිරීම වහා නවතන ලෙසත් බල කරමින් ඊයේ(30) දින ගලහ හංදිය ඉදිරිපිට සිසු රැළියක් පැවැත්විය. 

 

ld add copy

Connet With Us